×

DSLR කැමරාවත් පරදවන ලෙන්ස් 9 ක් ඇති සුපිරි ජංගම දුරකථනයක්

ලෙන්ස් 16 ක් තිබෙන අති සුපිරි කැමරාවක් නිපදවූ Light සමාගම ගැන ඔබ අසා තිබෙනවාද? දැන් ඔවුන් අලුත්ම වැඩකට අත ගසලා. ඒ තමයි, කාච 9 ක් තිබෙන අති සුපිරි ජංගම දුරකථනයක් නිපදවීම. මේ ජංගම දුරකථනයක් අතේ තිබෙනවා නම්, එය DSLR වැනි ඉතා හොඳ - වෘත්තීය මට්ටමේ කැමරාවක් තිබුණාටත් වඩා ඉස්තරම්.


අද වෙළඳපොළේ ඇති බොහෝ ජංගම දුරකථනවල කැමරාවේ බලය මෙගාපික්සෙල් 12ට වඩා වැඩි වෙන්නේ කලාතුරකින්. නමුත් මේ නවතම Light ජංගම දුරකථනය මෙගාපික්සෙල් 64 ක විභේදන හැකියාවකින්, එහෙමත් නැතිනම් රෙසොලූෂන් එකකින් යුක්තයි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පත සඳහන් කරන ආකාරයට මේ මොබයිල් කැමරා එක ඉතාම අඩු ආලෝකයක් යටතේදී පවා ඉතා හොඳ මට්ටමේ රූපරාමු ලබාදෙනවා. ඒ වගේම “sophisticated depth effects”ලබාදෙනවා.

ඉතා හොඳ ප්‍රොසෙසරයක්, ස්ක්‍රීන් එකක් වගේම සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක ඇති සියලුම උපාංගවලින් සමන්විත මෙහි කාච නවයේ කැමරාව, මලක පෙති විසිරෙන ආකාරයෙන් එහි කාච ස්ථානගත කර තිබෙනවා.

මේ වන විට ඇපල් සහ සැම්සුන් වගේ ජංගම දුරකථන සමාගම් පවා අවධානය යොමු කර තිබෙන්නේ කාච දෙකකින් යුත් කැමරා වෙතටයි. Samsung Galaxy S10 Plus සහ iPhone X Plus හෙවත්, මේ සමාගම් දෙකේ අලුත්ම ඉදිරිපත් කිරීම් දෙකටත් කාච 3 කින් සමන්විත කැමරාවක් තිබෙන බව තාක්ෂණික ලෝකයේ තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතරවාරයේ Huawei’s P20 Pro කාච 3 ක් සහිත කැමරාවක් සිය නවතම මාදිලිවලින් ලබා දී අවසන්. LG සමාගම ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත V40 මාදිලියේ, පිටුපස කවරයේ කාච තුනේ කැමරාවට අමතර කාච දෙකක ඉදිරිපස කැමරාවකුත් තිබෙනවා. නමුත් ලයිට් සමාගම තැබූ මෙම පියවර, මේ හැම දැවැන්තයෙකුටම එල්ල කළ බරපතළ අභියෝගයක් වේවි.

මේ වසර අගදී වෙළඳපොළට පැමිණීමට මග බලා සිටින මේ අති සුපිරි Light කැමරා ෆෝන් එක, අඩුම වශයෙන් ඩොලර් 1,950 ක් පමණ වේවි.

www.tomsguide.com

සාමාන්‍ය DSLR කැමරාවක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි