×

තමන් ඉදිරියේ නර්ථනයක් ඉදිරිපත් නොකළැයි සිය බිරිය ගේ හිස මුඩු ගෑ ස්වාමියෙක්.

එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා දර්ෂකයට අනුව 2016 වර්ෂයේ පාකිස්ථානය සිටි්නේ රටවල් 188ක් අතරින් 147 වන ස්ථානයේය.


පාකිස්ථානයේ කාන්තාවක් සිය ස්වාමි පුරුෂයා විසින් සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් පිළිබදව ප්‍රස්ද්ධියේ චෝදනා කරමින් පාකිස්ථාන කාන්තාවගේ ආර්ක්ෂාව සම්බන්ධයෙන් සහ ඔවුන්ව පීඩාවට පත්වීම පිළිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමු කරවමින් සිටී.

තමන් විසින් ස්වාමියාගේ ඉල්ලීමට අනුව ඔහු ඉදිරියේ නර්ථනයක් ඉදිරිපත් නොකිරී හේතුවෙන් ඔහු විසින් ඇගේ හිසකෙස් කපා දැමීම ඔහුට විරුද්ධව ඇය විසින් ඉදිරිපත් කරන චෝදනාවයි.
ලාහෝරයේ ජීවත් වූ අස්මා අසීස් නැමති මෙම කාන්තාව තම මුඩු හිස සහිත වීඩියෝවක් සමාජ මාධ තුළ පළ කරමින් කියා සිටියේ සිය ස්වාමි පුරුෂයා විසින් එසේ සිදු කළ බවයි. මේ වන විට ඇගේ ස්වාමි පුරුෂයා වන මියාන් ෆයිසාල් සහ ඔවුන්ගේ නිවසේ මෙහෙකරු පොලිස් අත් අඩංගුවේ පසුවෙයි.

මේත් සමග පාකිස්ථානයේ කාන්තාව මුහුණ දෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබදව විවෘත කතිකාවක් පාකිස්ථානය තුළ ඉස්මත් වෙමින් පවතී.
තමන්ට සිදු වූ පීඩනය සම්බන්ධව පැමිණිලි කරන්නට පොලීසියට ගිය විට පොලීසිය විසින් ඇයගේ පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව ඇය ප්‍රකාශ කර සිටියි. එමෙන්ම පොලීසිය විසින් ඇගේ පැමිණිල්ල පිළිබදව ක්‍රියා කිරීම ආරම්භ කර ඇත්තේ ඇය විසින් සමාජමාධ්‍ය තුළ සිය වීඩියෝව නිකුත් කළ පසුවයි.

එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා දර්ෂකයට අනුව 2016 වර්ෂයේ පාකිස්ථානය සිටි්නේ රටවල් 188ක් අතරින් 147 වන ස්ථානයේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි