×

මානව පරිණාමයට අලුත් පිටුවක් ! ”හෝමෝ ලුසෝනෙන්සිස් ”

හෝමෝ ලුසොනෙන්සීස් මානව වර්ගය නූතන මානවයා සහ ඖස්ත්‍රලෝපිතේසීනුවාගේ එකතුවකි.


ඉතිහාසය විසින් හදුනා ගනු ලැබූ ප්‍රධානතම මානව වර්ග අතරට තවත් මානව වර්ගයක් ජීවත්ව ඇති බවට සළකුණු හමුවී ඇත. ඒ පිලිපීනයෙනි. හෝමෝ ලුසෝනෙන්සිස් Homo luzonensis නමින් මෙම මානව වර්ගය හදුන්වා ඇත. හුදුනාගෙන ඇති පරිදි ඔහුගේ ශරීර ලක්ෂණ ඈත අතීතයේ ජීවත් වූ මිනිසාගේ සහ නූතන මිනිසාගේ ශරීර ලක්ෂණ වල එකතුවකි.

ඒ අනුව අප්‍රිකාව අත්හල ප්‍රාථමික මානවයා ගිණිකොණ දිග ආසියාවට පැමිණි බවට විශ්වාසය තව දුරටත් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව ලැන නැගී ඇත.

මේ පිළිබදව සිදු කළ අධ්‍යයන වලදී පෙනී ගොස් ඇත්තේ ආසියානු කලාපයේ මානව විකාශනය පෙර අනුමානයන්ට වඩා බොහෝ සෙයින් සංකීරණ විමේ හැකියාවක් පවතින බවයි. ඒ මිනිස් විකාශනය ආරම්භයත් සමග ප්‍රධානතම මානව වර්ග තුනක් හෝ ඊට වඩා ප්‍රමාණයක් පිළිබදව කරුණු දිග හැරෙන බැවිනි. මෙම මානව වර්ග අතරේ මීට වසර 50000 පෙර ඉන්දුනීසියානු පොළොවේ ජීවත් වූ කුරු ෆ්ලෝරස් මිනිස් වර්ගයක් වන “Hobbit” හෙවන් හෝමෝ ෆ්ලොරෙසියෙන්සි ද වෙයි.

ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය ක්‍රිස් ස්ට්‍රින්ගර් පවසන්නේ 2004 වසරේ හෝමෝ ෆ්ලොරෙසියෙන්සි මානව වර්ගය පිළබද කරුණු හෙළිවීමෙන් පසු ෆ්ලෝරස් වරුන් තවත් වර්ග එම කලාපයේම ජීවත් ව ඇති බවට අනුමාන කළ බවයි.

මානව පරිණාමයට අනුව මෙම හෝමෝ ලුසෝනෙන්සීස් වරු සිටින්නේ කොතැනද?

පිලිපීනයේ උතුරු ලුසෝන් හී කල්ලාවෝ උමග තුළින් හමු වූ මෙම නවතම මානව වර්ගය නේචර් ජර්නලය විසින් දක්වා ඇති පරිදි වර්ෂ 67000 – 50000ක අතර කාලයක් තරම් ඈතට දිවෙයි.

සොයා ගත් සාක්ෂි අතරේ දත් 13ක් අත් සහ පාද අස්ථි සහ අවුරුදු 3ක් තරම් කුඩා වයසක මානවයෙකුගේ කලවා අස්ථි කොටස් හමුව ඇත.

මෙම හෝමෝ ලුසොනෙන්සීස් මානව වර්ගය නූතන මානවයාට සමානකම්ද පවතින නමුත් ඖස්ත්‍රලෝපිතේසීනුවාටද සමානතාවක් දක්වයි.

ඔහුගේ ඇඟිලි සහ අස්ථි කදු නැගීමට සුදුසු ලෙස වක්‍රාකාර හැඩයක් සහිතව නිර්මාණය වී ඇති අතර එය ඖස්ත්‍රලෝපිතේසීනුවා තුළද තිබූ ලක්ෂණයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි