×

ඇප කොන්දේසි කඩකළැයි ජුලියන් ඇසාන්ජ් සති 50කට බන්ධනාගාරයට.

ඔස්ට්‍රේලියාවේදී උපත ලද ඇසාන්ජ් ඇතැමෙක්ට අනුව දඩබ්බර හැකර් ක්‍රියාකාරිකයෙකි hacktivist නමුත් තවත් පිරිසකට අනුව ඔහු ජනතාවගේ පාර්ශවයේ සිටිමින් සත්‍ය වෙනුවෙන් පෙනී සිටි වීරයෙකි.


පසුගියදා ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදී අති අඩගුවට ගත් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසාන්ජ් අධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසි කඩ කිරීමේ වරද යටතේ සති 50ක කාලයක් සදහා බන්ධනාගාර ගත කර ඇත.

47 හැවිරිදි ඇසාන්ජ් 2012 වසරේදී ඔහුට මින් පෙර ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනාවක් පැවති අතර ඔහු විසින් දිගින් දිගටම එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ලදී.
ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු විසින් ඉදිරිපක් තරන ලද ලිපියක් එහිදී කියවූ අතර එහි ”තමන්ගේ ක්‍රියාවන් හේතුවෙන් යමෙක් හට අගෞරවයක් සිදු විණි නම් තමන් ඊට සමාව ඉල්ලා සිටින බව ඔහු දක්වා සිටියේය. ඒ වන විට වඩා හොද යැයි කියා මා සිතූ දෙය මම කලා ඔහු තව දුරටත් ලිපියේ සදහන් කලේය.

නලාපිඹින්නා හෙවත් whistle-blower කාර්ය ඉටු කරමින් ඇමරිකානු රජය ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය අකටයුතුකම් සිය වෙබ් අඩවිය ඔස්සේ ජනතාව වෙත දැන ගන්නට සැළැස්වූ ඔහුව විවිධ චෝදනා සිදු කරමින් අත් අඩංගුවට ගැනීම සදහා විවිධ උත්සහයන් මින් පෙරද සිදු විය. නමුත් පසු ගිය මස 11 ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තනාපතිකාර්යාලයේදීය. ඒ වසර ගණනාවක් තිස්සේ ඉක්වදෝර ය මගින් ඔහු වෙත ලබා දී තිබූ ආරක්ෂාව ප්‍රතික්ෂේප කිරීමත් සමගිනි.

ඔස්ට්‍රේලියාවේදී උපත ලද ඇසාන්ජ් ඇතැමෙක්ට අනුව දඩබ්බර හැකර ක්‍රියාකාරිකයෙකි නමුත් තවත් පිරිසතට අනුව ඔහු ජනතාවගේ පාර්ශවයේ සිටිමින් සත්‍ය වෙනුවෙන් පෙනී සිටි වීරයෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි