×

රටට ඇතුල්වන සියල්ලන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පිරික්සන්නට ඇමරිකාව සැරසෙයි.

ඇමරිකාව විසින් ගෙන ඇති මෙ තීරණය සම්බන්ධව සාධනීය අදහස් මෙන්ම විවේචනද මේ වන විට එල්ල වෙමින් පවතී.


ඇමරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම සදහා වීසා බලපත් අයදුම් කරන සියල්ලන්ගේම සමාජ මාධ්‍ය ගිණුම් විස්තර ලබා ගැනීමට ඇමරිකානු බලධාරීන් කටයුතු කරමින් සිටී.

වීසා බලපත් සදහා සිය අයදුම්පත යොමු කරන සියලුම පුද්ගලයන් සිය සමාජ මාධ්‍ය ගිණුම් විස්තර එහි ඇතුලත් කළ යුතු වන්නේය.

පසු ගිය සිකුරාදා සිට බල පැවැත්වෙන මෙම නියමයට අනුව පසු ගිය වසර පහක කාලයක් තුළ තමන් භාවිත කළ සමාජ මාධය ගිණුම් විස්තර අයදුම් කරු විසින් ලබා දිය යුතු වන්නේය.
එමගින් ඇමරිකානු රජයට අදාල පුද්ගලයාගේ සමාජ මාධය ගිණුමට ඇතුල් වී ඔහුගේ ඡායාරූප, ඔහු ජීවිතයේ විවිධ අවස්ථා , මෙන්ම අනෙකුත් සමාජ මාධ්‍යයේ අඩංගු සියළු තොරතුරු මෙන්ම අදාල අයදුම් කරුගේ සිතුම් පැතුම් හා ඔහුගේ දේශ පාලන මතයන්ට පවා දැන ගැනීමට අවස්ථාව උදා කරනු ඇත.

2017 වසරේ මාර්තු මස ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ස්වදේශ කටයුතු අංශ වලට මෙන්ම බුද්ධි අංශ බලධාරීන්ටද දන්වා ඇත්තේ සිය රටට ඇතුල් වන්නන් සම්බන්ධව ප්‍රතිපත්තීන් සහ නීති රීති සම්බ්ධව අවධානය යොමු කරන ලෙසිනි.

කෙසේ වෙතත් ඇමරිකාව විසින් ගෙන ඇති මෙ තීරණය සම්බන්ධව සාධනීය අදහස් මෙන්ම විවේචනද මේ වන විට එල්ල වෙමින් පවතී.

පවතින සංඛ්‍යාලේඛන අනුව සෑම වසරකදීම ඇමරිකාවට ඇතුල් වන්නට උක්සහා දරණ විදේශිකයන් සංඛ්‍යාව වාර්ෂිකව මිලියන 15කි.
ඇමරිකානු රජය විසින් මෙවැනි නීතියක් ගෙන එම තුළ එමගින් ඇමරිකානුවන්ගේ මෙන්ම සංක්‍රමණිකයන්ගේද භාෂණයේ නිදහස ඇතුළු තවත් අයිතිවාසිකම් වලට බලපෑමක් එල් කරනු ඇත. එමෙන්ම තමන් ඇමරිකාව සංක්‍රමණය වන්නට අදහස් කරන්නෙක්නම් තමන් කෙබදු ආකාරයෙන් සමා මාධ්‍ය ඔස්සේ සිය අදහස් ප්‍රකාශ කරනවාදැයි යන්නට බාධාවක් වනු ඇත.

විවිධ පුද්ගලයන් විවිධ නම් භාවිතයෙන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම හා ඔහු හෝ ඇයගේ නිවැරදිම විස්තර මෙමගින් ලබා ගත හැකිදැයි යන්න පිළිබදවද මේ වන විට විවිධ අදහස් ඉදිරිපත් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි