×

‘‘දරුවන් ව දෙමාපියන්ගෙන් වෙන් කරන්න එපා!- ඇමරිකාව පුරා උද්ඝෝෂණ

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවල අමානුෂික ස්වභාවය ලොව පුරා අවධානයට


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන නවතම සංක්‍රමණික ප්‍රතිපත්ති අනුව, දේශසීමාව නීති විරෝධී ලෙස පසුකරමින් ඇමරිකාවට එන පවුල්වලින් දරුවන් වෙන් කිරීමට එරෙහිව මේ වන විට ඇමරිකාව පුරා උද්ඝෝෂණ මාලාවක් හටගෙන තිබේ.

විශේෂයෙන්ම ඇමරිකානු -මෙක්සිකානු දේශසීමාව පසුකරමින් මේ අන්දමින් පැමිණෙන පවුල් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අනුගමනය කරන “zero tolerance” immigration policy හෙවත් එසේ සිදුවන සංක්‍රමණික පැමිණීම් ‘කිසිසේත්ම දරානොගන්නා බවට‘ දක්වමින් ගෙන යන දැඩි පිළිවෙත ජාත්‍යන්තර මාධ්‍ය ඇතුළු ලෝකයේ ප්‍රබල විවේචනයට හසු වී ඇත.

පසුගිය අප්‍රේල් සිට මැයි මස දක්වා දරුවන් 2000 ක් පමණ පවුල්වලින් වෙන් කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පමණක් නොව කොංග්‍රසයේ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර ද මේ සම්බන්ධයෙන් හටගෙන තිබෙන්නේ උණුසුම් තත්වයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන ජනපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් ද මේ වන විට පවසා ඇත්තේ දරුවන් දේශසීමාවේදී සිය පවුල්වලින් බලහත්කාරයෙන් වෙන් කරනු දැකීම මහත් අසීරු කාරණයක් බවයි. ඇය එය දැකීමට අකමැති ම දෙයක් බව ( ‘hates to see’) ද පැවසුවාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි