දකුණු අප්‍රිකාවේ බොට්ස්වානා මහ අධිකරණය අද (11) දින සමරිසිභාවය නිර්සාපරාධීකරණය කරන ලදී.
මේ අනුව, ගතවූ සතියක කාලයක් ඇතුලත සමරිසිභාවය නිර්සාපරාධීකරණය කළ දෙවන රට බවට බොට්ස්වානා පත්වෙයි.
බොට්ස්වානාහි අගනගරය ගැබරෝන් හි මහ අධිකරණය ඒකමතික තීන්දුවක් ලබා දෙමින් අද දින ප්‍රකාශ කර සිටියේ එරට දණ්ඩ නීති සංග්‍රහයේ 164 හා 167 වගන්ති වලට අනුව ‘අස්වාභාවික ලිංගික හැසිරීම්’ යැයි වර්ගීකරණය කර ඇති සමරිසි සබඳතා ව්‍යවස්ථා විරෝධී බවය.
එරට දණ්ඩ නීති සංග්‍රහයේ ඉහත වගන්ති අනුව පුද්ගලයකු වසර 7 ක කාලයක් දක්වා සිරගත කිරීමේ බලය පැවතිණි.
#Repeal164 #Botswana@Follow_SALC @hrw @InfoDignity @CHR_HumanRights pic.twitter.com/fUBF2aXomg
— Keikantse E. Phele (@ke_phele) June 11, 2019
එරට එල්එම් යන අන්වර්ත නාමයෙන් පෙනී සිටි සමරිසි පුද්ගලයකු අධිකරණය ඉදිරියේ දණ්ඩ නීති සංග්‍රහයේ ඉහත වගන්ති වලට විරුද්ධව ගොනුකළ පෙත්සමක් සැලකිල්ලට ගැනීමෙන් මෙම තීන්දුව ලබා දී ඇත.
බොට්ස්වානා අධිකරණය පෙත්සම් විභාග කටයුතු අතරවාරයේදී එරට ප්‍රධාන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී ප්‍රජා (LGBTIQ) මානව හිමිකම් සංවිධානය වන ලෙගාබිබෝ යනු අධිකරණයට මිතුරකු බවට පිළිගෙන ඇත.
එරට LGBTIQ ප්‍රජාව හා මානව හිමිකම් ක්‍රියාකාරීන් උසාවිය තුළ එක්රැස් වී සිටියේ ටෙෆා, ලෙබුරු හා ඩුබේ යන විනිසරුවරුන් විසින් තීන්දුව ලබා දෙන තුරුය.
ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය ඒකමතික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය, සහකරුවකු සොයා ගැනීම හා ඔවුන් සමඟ එකට ජීවත් වීම හා ලිංගිකත්වය යනු මූලික මානව අයිතිවාසිකමක් බවය.
“ලිංගික දිශානතිය යනු විලාසිතා මාදිලියක් නොවේ. එය පුද්ගලයකුගේ පෞරෂත්වයේ වැදගත් අංගයකි. සියළු මිනිසුන් ස්වයංසාධකව තම ලිංගිකත්වය ප්‍රකාශ කිරීමේ අයිතිය සඳහා බැඳී පවතී,” විනිසුරු ලෙබුරු ප්‍රකාශ කොට සිටියේය.
#repeal164 @legabiboadvo judgment @ 9am, full court pic.twitter.com/54q61EspV7
— SALC (@Follow_SALC) June 11, 2019
ඒ අනුව, බොට්ස්වානා ත්‍රිපුද්ගල මහ අධිකරණය විසින් ඒකමතිකව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 164 හා 165 තුළින් වෙනස්කොට සැලකීම් හැඟවෙන බව පිළිගන්නා ලදී.
“මෙබඳු පෙත්සමකදී ජනමත විමසුම ද වැදගත්, නමුත් තීන්දුවක් ලබා දීම සඳහා එය අදාල නොවේ. මෙය මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ගැටළුවක් මිස මහජන නීතියට අදාල කරුණක් නොවේ,” ලෙබුරු ප්‍රකාශ කර සිටියේය.
“මහජනතාවට සමරිසි ක්‍රියා සාපරාධී කිරීමේ අවශ්‍යතාවක් නැහැ, එවන් නීතියක් පවතින්නේ කාට යහපතක් ඉටු කිරීමටද? සමරිසි සබඳතාවකින් වින්දිතයකු බිහිවන්නේ නැහැ,” ලෙබුරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Time has come to decriminalize. Says High Court of Botswana #Repeal164 #decriminalization @legabiboadvo @Follow_SALC
— Caine Youngman (@CaineYoungman) June 11, 2019
මේ අයුරින්ම බොට්ස්වානා රාජ්‍යය 2016 දී ද LGBTIQ මානව හිමිකම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කළේය. එනම්, ලෙගාබිබෝ මානව හිමිකම් සංවිධානය සියළු LGBTIQ මානව හිමිකම් සංවිධාන රජය යටතේ ලියාපදිංචි කිරීමේ අයිතිය දිනා ගැනීමයි.
එම වර්ෂයේ අගභාගයේදී, එරට කතෝලික පල්ලියක් විවෘත කිරීමට තැත්කළ සමරිසි විරෝධී පාලකයකු වන ස්ටීවන් ඇන්ඩර්සන් ද තනතුරෙන් නෙරපා හැරීමට කටයුතු සිදුවන ලදී.
2017 වර්ෂයේ දෙසැම්බර් මසදී, බොට්ස්වානා හි සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් වන ෂෙපො රිකි ගොසිතාවු තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය කාන්තාවක් ලෙසට නීතිය ඉදිරියේ හඳුනා ගැනීම සම්බන්ධ නඩුවක් ජයග්‍රහණය කරන ලදී. එමෙන්ම, ඊට මාස කිහිපයකට පෙර, සංක්‍රාන්ති සමාජභාවී පුරුෂයකු වසර 10 ක නෛතික අරගලයකට පසු තම ලියකියවිලි වල තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පුරුෂ යනුවෙන් ඇතුලත් කර ගැනීමට සමත් විය.
ගතවූ සතියක කාලය තුළ, සමරිසිභාවය නිර්සාපරාධීකරණය කළ දෙවන රාජ්‍යය බවට බොට්ස්වානා පත්වෙයි. මීට දින කිහිපයකට පෙර භූතානයේ ද සමරිසිභාවය නිර්සාපරාධීකරණය විය යුතු බවට එරට පාර්ලිමේන්තුව පිළිගන්නා ලදී.