×

ලොව වයස්ගතම සුමාත්‍රා ඔරන් ඔටා ” ග්‍රෑන්ඩ් ඕල්ඩ් ලේඩි” මිය යයි.

මෙම වර්ගයට අයත් ඔරන් ඔටන් කෙනෙකුගේ සාමාන්‍ය අවුරුදු කාලය වයස අවරුදු 50ට අඩුවෙයි.


ලොව වයස්ගතම සුමාත්‍රා ඔරන් ඔටා ඔස්ට්‍රේලියාවේදී මිය ගියේය. පුවාන් Puan ඇගෙ නමයි. ඔස්ට්‍රේලියාවේ පර්ත් සත්වෝද්‍යානයේ   ” ග්‍රෑන්ඩ් ඕල්ඩ් ලේඩි” “grand old lady” යන සුරතල් නාමයෙන් ද හැඳින්වූ මෙම සත්වයා මිය යන විට වයස අවුරුදු 62කි.

ඉන්දුනීසියා සුමාත්‍රා දූපත්වල 1956 වසරේදී උපත ලද ඈ 1968 වසරේ සිට මිය යන තෙක්ම ජීවත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාවේ.

මෙම වර්ගයට අයත් ඔරන් ඔටන් කෙනෙකුගේ සාමාන්‍ය අවුරුදු කාලය වයස අවරුදු 50ට අඩුවෙයි. අවුරුදු 50ට ආසන්න ඔරන් ඔටන් දැක ගත හැක්කේද කලාතුරකිනි.
ඈ පැටවුන් 11 දෙනෙකුගේ මවකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි