×

සියලු සුනඛයින්ට නිවෙස් ලබා දුන් ප්‍රථම රට නෙදර්ලන්තය

නීතියට අනුව සුරතල් සතුන්ගේ භාරකරු විසින් ඔහුගේ ආරක්ෂාවත් සෞඛ්‍යයත් ගැන වග කිව යුතු වෙයි. එසේ නොකරන්නෙකු සදහා දඩය ඩොලර් 16000ක් වන අතර වසර තුනක සිරදඩුවමක් හිමිකරුට ලැබෙයි.


ඉන්නට හිටින්නට තැනක් නොමැතිව මංමාවත් දිගේ ඇවිදින සුනකයින් නැති ලෝකයක් .. අපි ඔවුන්ට කියන්නේ දඩාවතේ යන බල්ලන් කියාය.. දුටු තැන ගල් ගසා එලවන .. දුටු විගස භයෙන් බිරාන්ත වී ඇතැම් විට කෑගසන දඩාවතේ යන සියළු සුනඛයින්ට නිවෙස් ලබා දුන් ප්‍රථම රට බවට නෙදර්ලන්තය පත් විය.

මෙසේ මං මාවත්වල සිටින සුනඛයින් ඉන් ඉවත් කිරීමට නෙදර්ලන්ත රජය මුල් වී කටයුතු කළ අතර ඔවුන් එහිදී අනුගමනය කලේ PSVIR ක්‍රමයයි. (pick, sterilize, vaccinate, identify, return )
19 වන සිය වසේ පටන් නෙදර්ලන්තය සතුව විශාල සුනඛ ජනගහනයක් සිටි අතර සෑම පවුලකටම පාහේ සුරතලා ලෙස සුනඛයෙකු ඇති කිරීම පුරුද්දක්ව තිබිණි. නමුත් කාලයත් සමග සුනඛයින් නිසා පැතිරුණ ජලභීතිකා රෝගය නිසා බෙහෝ සුනඛයින්ගේ අයිති කරුවන් ඔවුන්ව මහ මග අත්හැර දමා යන්නට විය. ඒත් සමග නෙදරුලන්තයේ මං මාවත් සුනකයින් නිතර දැකිය හැකි ස්ථාන බවට පත් විය.


මෙම තත්ත්වය පාලනය කර ගැනීම සදහා මේ වන විට නෙදර් ලන්තය සතුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය වෙනුවෙන් එරට පාර්ලිමේන්තුවේදී නීතියක් සම්මත කර ගන්නා ලදී එකී නීතියට අනුව සුරතල් සතුන්ගේ භාරකරු විසින් ඔහුගේ ආරක්ෂාවත් සෞඛ්‍යයත් ගැන වග කිව යුතු වෙයි. එසේ නොකරන්නෙකු සදහා දඩය ඩොලර් 16000ක් වන අතර වසර තුනක සිරදඩුවමක් හිමිකරුට ලැබෙයි.

මෙතෙක් දඩාවතේ ගිය සුනඛයින් සදහා නිවෙස් ලබා දීමට රජය මගින් ගත් ක්‍රියාමාර්ගයේ ප්‍රථිපලයක් ලෙස මිලියනයක් සුනඛයින්ට ආරක්ෂිත ව සහ සතුටුන් සිටින්නට පවුල් සොයා දීමට නෙදර්ලන්ත රජය සමත් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි