×

ලෝකය පුරා කථාබහට ලක් වූ මෙම ඡායාරූපය පවසන්නේ අපගේ හෙට දවස කෙතරම් බිය කරුද යන්නයි

දේශගුණික විපර්යාස ඔබ අප සිතනවාට වඩා ලෝකය පීඩාවට පත් කරමින් සිටින බව ඔබ දන්නවාද?


දුටු පමණින් ඉහත ඡායාරූපය අප ඉදිරියේ මවන්නේ ලෝකය කෙතරම් සුන්දරද යන්නයි.. ඒත් ඒ තුළ සැඟවුණ සත්‍ය බෙහෝ සෙයින් බියකරුය..වේදනාබරය. මෙම ඡායාරූපය මේ දිනවල ජාත්‍යන්තරව අන්තර්ජාලය පුරා වැඩි කථබහකට ලක් වූ ජායාරූපයකි. එහි පෙනෙන්නට ඇත්තේ හිම බල්ලන් හිම මත ඇවිදින ආකාරයක් වුව එහි ඇත්තේ හිම නොව ජලයයි. ඔවුන් මේ අවිද යන්නේ ග්‍රීන්ලන්තයේ ග්ලැසියර මත නමුත් ඔවුන්ගේ කකුල් වැසේනනට ජලය පිරී ඇත. වෙනදා මෙම ස්ථාන සම්පූර්ණ හිම තට්ටු වුවද ගෝලීය උණුසුම විසින් හිම දිය කරමින් සිටී,

මෑත කාලිනව දේශ ගුණික විපර්යාසයන් පිළිබදව පළවූ අග්‍රගන්‍ය ඡායාරූපයක් ලෙස සැලකෙන මෙම ඡායාරූපය ඩෙන්මාර්කයේ කාලගුණවිද්‍යා ආයතනයේ විද්‍යාඥ ස්ටෙෆන් ඔල්සන් විසින් ගන්නා ලද එකකි.

මේ වන විට ඉන්දියාවේ ජල හිගය සහ නියගය හේතුවෙන් විශාල වශයෙන් ජනයා මිය යන්නට පටන් ගෙන තිබේ. ජපානයේ ගංවතුර , යරෝපයට අන්කවරදාකටත් වඩා උෂ්ණත්වය .. ලේකය පුරා පෙර නොවූ විරූ පාරිසරික අර්බුද උද්ගත වෙමින් පවති.

තනි තනිවම එක් එක් රටවල් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින විට සමස්ත ලෝකයටම පොදුවේ මුහුණ දෙන්නට සිදුවන බරපතල පාරිසරික අර්බුදයක් මේ ව විට අප ඉදිරියේ ඇත. ඒ අයිස්ලන්තය ග්‍රීන්ලන්තය ආදී රටවල මෙන්ම එවරස්ට් මුදුනේ හා හිමාල කදුමුදුනේ කිලින්තරයක් මිදී තිබු ඝණ අයිස් ස්ථර අන් කවරදාකටත් වඩා වේගයෙන් දිය වන්නට පටන්ගෙන තිබීමයි.

මෙසේ අයිස් දියවී ගලන්නේ මුහුදටය.. මුහුදු ජලයට විශාල ලෙස මෙලෙස ජලය එක්වීමෙන් සිදු වන්නේ මුහුදු ජල මට්ටම ඉහළ යෑමයි. මේ වන විටත් මාල දිවයින, ඉන්දුනීසියාවේ ජකර්තාව , ඇමරිකා එක්සත් ජනපදයේ වෙරළාසන්න නගර 90කට ආසන්න සංඛ්‍යාවක්.. නෙදර්ලන්තය , ස්පාඤ්ඤය ඉතාලිය පමණක් නොව අප්‍රිකානු කලාපයේ රටවල්ද මේ වන විට සිටිනේ මුහුදු මට්ටම ඉහළ යාමෙන් ගොඩ බිමි කොටස් අහිමි වීමේ අවධානමකය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි