×

”ට්‍රම්ප් යනු අදක්ෂයෙක්…එමෙන්ම අක්‍රීය මිනිසෙක් ” – ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානපති

ඇත්තෙන්ම අපට විශ්වාස කළ නොහැකියි ට්‍රම්ප්ගේ මෙම පාලනය සාමාන්‍ය අතට හැරේවි කියා..



ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය තානාපති කිමි ඩාරෝච් පසුගියදා ඇමරිකානු ජනපතිවරයා පිළිබද කළකිරීම් සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවට බ්‍රිතාන්‍ය පුවත් පතක් වන Mail on Sunday පළ කර තිබේ.

පුවත් පතට අනුව ඔහු විසින් ජනපතිවරයා විවේචනය කළ රාජතාන්ත්‍රික සටහනක් හෙළිදරවු වී ඇත .. එම සටහනේ ඔහු පවසා සිටිනිනේ ට්‍රම්ප් යනු අදක්ෂයෙක් මෙන්ම අක්‍රීය මිනිසෙක් බවයි. තවදුරටත් ඇමරිකානු ජනපති යනු ඇදවැටුණු සහ පිළිස්සුන පුද්ගලයෙක් ලෙසද ඔහුගෙ අවසානය අවමන්සහගත එකක් වනු ඇති බවද බ්‍රිතාන්‍ය තානාපති වරයාගේ ප්‍රකාශයේ සටහන් වී ඇත.
ඇත්තෙන්ම අපට විශ්වාස කළ නොහැකියි ට්‍රම්ප්ගේ මෙම පාලනය සාමාන්‍ය අතට හැරේවි කියා..

කිම් ඩාරෝච් යනු රාජතාන්ත්‍රිකයෙකු ලෙස අත්දැකීම් බහුල පුද්ගලයෙකු වන අතර ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස 2016 වසරේ ඔහුව පත්කර ඇත. ඒ ට්‍රම්ප් ජනපතිවරණය ජය ගැනීමට පෙරයි.

පසුගිය 22 වන දිනද ඩාරෝච් විසින් ට්‍රම්ප් පිළිබද විවේචනය කළ සටහනක් හෙළිදරවු වී ඇති අතර එහි ඉරානය සම්බන්ධව ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති විවේචනය කර ඇති බව Mail on Sunday අනාවරණය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි