පළමු ගමන ඇණහිටි ”චන්ද්‍රයාන් දෙක” අද දෙවෙනි ගමනට සූදානම්
පසුගිය පහළොස්වන දින එහි පිටත්වීම වැළකුණේ එහි තාක්ෂණික දෝෂයක් වාර්ථා වීමෙන් අනතුරුවයි.
පසුගිය ජූලි 15 වන දින අභ්‍යවකාශගත කිරීමට සූදානමින්සිටි චන්ද්‍රයාන් දෙක යානය ඉන්දියානු අභ්‍යවකාශ සිහිනය මදකට ප්‍රමාද කලේ එහි තාක්ෂණක දෝෂයක් හේතුවෙනි.
නමුත් තව සුළු මොහොතකින් අද පස්වරු 2.43ට නැවතත් පිටත්වීමට නියමිතය.
සද මතුපිට ජලය, සදේ භූ කම්පන ඇතුළු සද පිළිබදව තවත් ගවේෂණයන් කිහිපයක්ම සිදුකිරීමේ අරමුණින් මෙම චන්ද්‍රයාන් දෙක සැළසුම් කරන ලදී.
පසුගිය පහළොස්වන දින එහි පිටත්වීම වැළකුණේ එහි තාක්ෂණික දෝෂයක් වාර්ථා වීමෙන් අනතුරුවයි. චන්ද්‍රයාන් දෙක මෙවර සාර්ථක වුවහොත් සද මතට අභ්‍යවකාශයානයක් ගොඩ බැස්වූ ලොව හතර වන රට ඉන්දියාව වන අතර දකුණු ආසියානු කලාපයේ ප්‍රථම රටද වනු ඇත.