ඉන්දියාව තුළ වසර 13 කට පෙර (2005) ඇතිකරන ලද තොරතුරු දැනගැනීමේ පනත එරට සිදුවූ ඓතිහාසික තීන්දුවක් බවට සනිටුහන් වූයේ, එමගින් ඉන්දියානු පුරවැසියන් හට රජයේ ඕනෑම තොරතුරක් පරිශීලනය කිරීමේ හැකියාව උදා කර දුන් බැවිනි.
කෙසේවෙතත්, දැන් වාර්තා වන අන්දමට, නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජය තොරතුරු දැනගැනීමේ පනත සංශෝධනය කිරීමට සැරසෙයි!
රජයේ කටයුතු පිළිබඳ මනා විනිවිදභාවයක් රටවැසියන් හට උරුම කර දුන් මෙම ඓතිහාසික පනත මෙසේ සංශෝධනය කිරීමෙන් රාජ්‍ය හා මධ්‍යම මට්ටමින් තොරතුරු කොමසාරිස්වරුන්ගේ සේවාකාලය නීර්ණය කිරීමට මධ්‍යම රජයට බලය ලබා දීම අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරන ලදී.
මධ්‍යම තොරතුරු කොමසාරිස් කාර්යාලය (CIC) යනු තොරතුරු දැනගැනීම පිළිබඳ යොමුකරන අයදුම් සම්බන්ධ ඉන්දියාවේ පවතින ඉහලම රාජ්‍ය ආයතනය වන අතර, මෝදි ප්රමුඛ රජය ඉදිරිපත් කළ මෙම සංශෝධනය මඟින් එම ආයතනයේ පවතින ස්වයංසාධක බව හා විනිවිදභාවය මුළුමනින්ම “මරා දමනු” ඇති බවට නීති විශාරදහු පෙන්වා දෙති.
විපක්ෂයේ දැඩි විරෝධතාව මධ්‍යයේ මෙම සංශෝධනය මේ වන විට ඉන්දියානු පාර්ලිමේන්තුවේ පහළ සභාව විසින් ඉදිරිපත් කොට ඇති අතර, ඉහළ සභාව එය සැලකිල්ලට ගැනීමට නියමිතය.