ඇමරිකාවේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අපේක්ෂාවෙන් සිටින ඩිමොක්රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය අතර නිල විවාද වල දෙවන වටය පසුගියදා පැවැත්විණි.
මෙවර ද ඩිමොක්රටික් පාක්ෂිකයන් විවාදයට ප්රවේශය ගනු ලැබුවේ ජනපති ට්රම්ප් හට වසර ගණනාවක් මුළුල්ලේ එල්ල වී ඇති සුපුරුදු ජාතිවාදී චෝදනා ඔස්සේ ය.
බොහෝ රිපබ්ලිකන් නාමයෝජනා අපේක්ෂකයින් ඩිමොක්රටික් අපේක්ෂකයින් 25 දෙනා අතර පෙරමුණේ සිටින හිටපු උප ජනපති ජෝ බිඩන් හට චෝදනා එල්ල කරන්නට විණි. එමෙන්ම, අවම ඡන්ද විමසීම් සහ අරමුදල් රැස්කිරීමේ සීමාවන් සපුරා ඇති අපේක්ෂකයින් 10 දෙනෙකු පසුගිය බදාදා (31) විවාදයට ගත් අතර අඟහරුවාදා (30) දින තවත් 10 දෙනෙක් විවාදයට බඳුන් විය.
කැලිෆෝර්නියාවේ සෙනට් කැමලා හැරිස්, නිව් ජර්සි සෙනට් බුකර් බිඩන්, හවායි හි ඇමරිකානු නියෝජිත ටුල්සි ගැබාර්ඩ්, නිව් යෝර්ක් හි සෙනට් කර්ස්ටෙන් ගිලිබ්රෑන්ඩ්, ආදී නිලධාරීන් රැසක් විවාදයට සහභාගී වී සිටියහ.
නීතිවිරෝධී හරස් මාර්ග තහනම් කළ යුතුද නැත්ද යන්න පිළිබඳ විශාල වශයෙන් බදාදා දින විවාදයේදී මාතෘකාවට ගැණින. කොලොම්බියාවේ සෙනට් මයිකල් බෙනට් එම නීතිවිරෝධී හරස් මාර්ග තහනම් කළ යුතුය යන මතයේ සිටියද, ට්රම්ප් පරිපාලනයට උඝ්ර විරෝධය පාමින් ප්රකාශ කර සිටියේ, ට්රම්ප් මෙන් වේදිකාවේ සිටින කිසිවෙකු දේශ සීමාවේ සිටින දෙමව්පියන්ගෙන් දරුවන් වෙන් කිරීමට කැමති වනු ඇතැයි තමා විශ්වාස නොකරන බව ය. තම මව සංක්රමණික කාන්තාවක් බවත්, එබැවින් මෙම ගැටළුව ඉදිරියේ තමා පෞද්ගලිකව සංවේදී බවත් බෙනට් ප්රකාශ කර සිටියේය.
හිටපු උප ජනපති ජෝ බිඩන් ගේ පළමු ප්රහාරය ට්රම්ප්ගේ බෙදුම්වාදී ප්රතිපත්තිය ඉලක්ක කර ගත්තේය. විවිධ පසුබිම් වලින් පැමිණ නගරාධිපතිවරුන්, සෙනෙට් සභිකයින්, ආණ්ඩුකාරවරුන්, කොන්ග්රස් සභිකයින්, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සහ උප ජනාධිපතිවරයෙකු වශයෙන් තේරී පත්වූයේ ඇමරිකාව විවිධත්වයට ගරු කරනා භූමියක් නිසා බව පවසමින් ජනපති ට්රම්ප් වෙත පහර එල්ල කළේය.