දූෂිත වාතය හුස්ම ගැනීම, දිනකට සිගරට් 20 ක් දීර්ඝ කාලයක් මුළුල්ලේ ආඝ්‍රාණය කිරීම තරමටම මාරාන්තික ප්‍රතිඵල ඇති කරන බව වෛද්‍ය විද්‍යාව සනාථ කරයි.
ඇමරිකා එක්සත් ජනපදය තුළ වායු දූෂණය හේතුවෙන් මේ වන විටත් දරුණු ගණයේ ශ්වසාබාධ රැසක් හිස ඔසවමින් තිබේ.
නිදන්ගත එම්ෆිසිමා රෝගය සාමාන්‍යෙයන් ඇති වන්නේ දීර්ඝ කාලයක් දුම්වැටි පානය කිරීම නිසා ය. නමුත්, මෙම රෝගය ඇමරිකාව තුළ මේ වන විට බහුලව ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ අන් කිසිවක් නිසා නොව, දූෂිත වායුගෝලයක් තුළ ජීවත් වීම නිසා ය.
එම්ෆිසිමා රෝගයේදී ශ්වසන අපහසුතා, පෙණහළු පටක බිඳ වැටීම පමණක් නොව, හෘද වස්තුව අකර්මණ්‍ය වීම පවා සිදුවිය හැකි බව මයෝ ක්ලිනික් මෙඩිකල් ජර්නල පෙන්වා දෙයි.
ඕසෝන් වායුව ද මෙම වායු දූෂණයේ ප්‍රබල කාරකයකි. ඕසෝන් ස්ථරය, පෘථිවි ගෝලය අහිතකර හිරු රැසින් බේරාගන්නා බව ප්‍රකට කරුණකි. නමුත් ඕසෝන් වායුව ඒ අතරතුරම හරිතාගාර වායුවක් ද වේ. ඇසට නොපෙනෙන ඕසෝන් වායු අංශු හිරු එළිය සමග ප්‍රතික්‍රියා කර පෙණහළුවල බාහිර දාරයන් බිඳ දමන බව මේ වන විට හෙළිදරව් වී ඇත. එය එම්ෆිසිමා වැනි ශ්වසන රෝගවල ආරම්භයයි.
වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යන විට ඕසෝන් වායු අංශුවල මෙම දායකත්වය ඉහළ යයි. ඒ අනුව පෘථිවි ගෝලය තුළ තාප තරංග අධික ලෙස ඇති වීම ද ඕසෝන් වායු දූෂණය ඉහළ යාමට හේතුවකි.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකය රත් වෙමින් තිබෙන බව රහසක් නොවේ. මේ අන්දමින් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යන විට පෙර කී වායු දූෂණ කාරක ද වැඩි වැඩියෙන් වායු ගෝලය තුළ නිෂ්පාදනය වේ.
ඇමරිකාවේ ප්‍රධාන නගර 6ක ජනතාවගේ දත්ත,පුරා වසර 18 ක කාලයක් මුළුල්ලේ අධ්‍යයනය කිරීමෙන් මේ බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
මේ වන විට ගෝලීය මට්ටමේදී සාමාන්‍ය මිනිසෙකුගේ ආයු කාලය වායුදූෂණය නිසා වසර 2 කින් පමණ අඩුවෙමින් තිබේ. (Source: Air Quality Life Index)
චීනය සහ ඉන්දියාව තුළ මේ තත්වය වඩාත් දරුණු ය. ඒ අනුව මේ වන විට චීන වැසියෙකුගේ ආයු කාලය වසර 2.9 කින්ද, ඉන්දියානුවෙකුගේ ආයු කාලය වසර 4.3 කින්ද වායු දූෂණය හේතුවෙන් අඩු වී ඇත.
පැරිසිය වැනි නගර මේ සඳහා දැනටමත් පරිසරහිතකාමී විසඳුම් හඳුන්වා දී ඇත.
එයින් ප්‍රධානතම විසඳුමක් වන්නේ පාපැදි භාවිතයට හුරු වෙමින් පොසිල ඉන්ධන දහනයෙන් ඈත් වීමයි.
මේ අතර ඉතාලියේ මිලාන් නගරය, වහාම ක්‍රියාත්මක වන පරිදි, ගස් මිලියන 3 ක් සිටුවීමේ මහා ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇත.
අසල්වැසි ඉන්දියාවත් වායු දූෂණයෙන් පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව වැනි, දේශගුණික විපර්යාස හා වායු දූෂණයෙන් පීඩා විඳීමට වැඩි ඉඩක් ඇති ලංකාව වැනි දූපත් රාජ්‍යයන් මෙවැනි පරිසරහිතකාමී, තිරසාර විසඳුම් ගැන සිතන්නේ කවදාද?