ඇමසන් වනාන්තරයට මේ වන විට අත්වී ඇති ඉරණම රටකට හෝ දෙකකට නොව සමස්ත ජාත්‍යන්තරයටම අර්බුදයක් බව ප්‍රංශ ජනපති එම්මෑන්වෙල් මැක්රෝන් පවසයි.
මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස ඔහු G7 කණ්ඩායමේ රටවලින් ඉල්ලා ඇති අතර G7 සමුළුවේ න්‍යාය පත්‍රයේ පළමු මාතෘකාව ලෙස ඇමසන් වනාන්තරය විනාශ වීම සම්බන්ධව සාකච්ඡා කළ යුතු බව ඔහු පවසයි.
” අපේ නිවෙස් ගිනිගනිමින් තිබේ.. ඇත්ත වශයෙන්ම ඇමසන් යනු ලෝකයට 20% ක් ඔක්ෂීජන් නිපදවන පෘථවියේ පෙනහැල්ලයි. එය මේ වන විට ගිනි ගනිමින් තිබෙනවා G7 සාමාජිකයිනි.. මෙම හදිසි තත්ත්වය සම්බන්දව දවස් දෙකක් මුලින්ම කථා කරමු..
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම්මෑනුවෙල් මැක්රෝන් එසේ සටහන් කර තිබිණි.
ඊට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ පවසන්නේ ප්‍රංශ ජනාධිපතිවරයා මෙම ගැටලුව නැවත වරක් දේශපාලන වාසි සදහා යොදා ගන්නා බවයි.
මේ සම්බන්ධව G7 කණ්ඩායමේ රටවල් අතර සාකච්ඡා කිරීමට යොජනා කිරීම ප්‍රංශ ජනපතිවරයාගේ අධිරාජ්‍යවාදී මානසික තත්ත්වයක් බවද 21 වන සියවසේ එවැන්නක් පිළිගත නොහැකි බවද බොල්සොනාරෝ තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
මේ සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් අන්ටෝනියෝ ගුටෙරස් පවසන්නේ ගෝලීය දේශ ගුණික විපර්යාසයන් තව තවත් උග්‍ර කරමින් සිදුවන මෙම සිදුවීම් ගැන ගුඹුරින් අවධානය යොමු කරන බවයි. ලෝකයම දේශ ගුණික අර්බුදයක පවතින අතරතුර මෙවැනි ඔක්ෂිජන් සහ ජෛව විවිධත්වයේ මූලිකාංගයන් ට හානි වන අයුරු අපට අපේක්ෂා කළ නොහැකි බවද ඔහු පවසයි.
බ්‍රසීල අභ්‍යවකාශ පර්යේෂණ සදහා වූ ජාතික ආයතනය ප්‍රකාශයට පත් කරන ලද චන්ද්‍රිකා දත්ත මගින් පෙන්නුම් කරන්නේ බ්‍රසීලයේ ඇතිවූ ලැව් ගිනි සංඛ්‍යාව මෙම වසරේ සියයට අසූ හතරකින් වැඩීවී ඇති බවයි. මෙම වසරේදී පමණක් බ්‍රසීලය ආශ්‍රිතව ඇමසන් හී ගිණිගැනීම් අවස්ථා 72000ක් වාර්ථා විය.