ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයේ දියත් වන ඇමරිකානු ව්‍යාපාර මෙහෙයුම් සඳහා විකල්ප සෙවීම ආරම්භ කරන ලෙසට ලබා දුන් නිවේදනය එරට වාණිජ මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපද වාණිජ මණ්ඩලය මෙසේ එරට ජනපති කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ චීනය නව පිළිගැනීම් තීරුබදු පැනවීමක් පිළිබඳ ප්‍රකාශයට පත් කිරීමත් සමඟය.
ඇමරිකානු වාණිජ මණ්ඩලයේ උප සභාපති හා එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධාන නිලධාරී මයිරන් බ්‍රිලියන්ට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට සිටියේ, මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ කළකිරීම ඔවුනට වැටහෙන මුත්, අඛණ්ඩ, ඵලදායී මැදිහත් වීමක් ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍යය යන ස්ථාවරයේ ඔවුන් සිටිනා බවය.
එක්සත් ජනපද – චීන ගණුදෙනු තවදුරටත් පිරිහෙනු දැකීමට ඔවුන් අපේක්ෂා නොකරන බවත්, කාලය තීරණාත්මක සාධකය වී ඇති මෙවන් මොහොතක දෙරට අතර වෙළඳ ගිවිසුම් ස්ථාපිත විය යුතු බවත් බ්‍රිලියන්ට් ගේ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.