×

මෙවර G7 සමුළුවේ වැඩි ඉඩක් ඇමසන් වන විනාශයට දීම ගැන, ට්‍රම්ප්ගේ කණස්සල්ල

ඇමෙරිකාව , ජපානය , ජර්මනිය , ප්‍රංශය , ඉතාලිය ,බ්‍රිතාන්‍යය සහ කැනඩාව යන රටවල් G7 සමුළුවේ සාමාජිකත්වය දරණු ලබයි


ඇමරිකානු ජනපතිවරයා චීනය සහ ඇමරිකාව අතර වෙළද අර්බුදය ගැන සිතමින් සිටින අවස්ථාවක, බ්‍රිතාන්‍ය අගමැතිවරයා යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබදව අරගල කරමින් සිටින අවස්ථාවක සම ප්‍රංශ ජනපති ඇමසන් වන විනාශය සම්බන්ධව බ්‍රසීල ජනපතිට පහර ගසමින් සිටිනන අවස්ථාවක මෙවර G7 සමුළුව ප්‍රංශයේදී පැවැත්විණ.

G7 සාමාජික රටවල නායකයින්ගේ හමුවේදී ගෝලීය අර්ථික සංවර්ධනය ගැන නොතකා දේශ ගුණික විපර්යාසය වැනි මාතෘකා වලට මූලිකත්වය දී තිබීම විශේෂත්වයක් විය. විශේෂයෙන්ම එවැනි මාකෘකා වලට වැඩි ඉඩක් දී ගෝලීය ආර්ථිකය පිළිබදව සාකච්ඡා නොකිරීම පිළිබදව ඇමරිකානු ජනපතිවරයා වැඩි කැමැත්තක් නොදක්වා ඇතත් ප්‍රංශ ජනපති මැක්‍රෝන් දැඩි ලෙසම මේ වෙනුවෙන් පෙනී සිට ඇති බව වාර්ථා වේ.

ඇමෙරිකාව , ජපානය , ජර්මනිය , ප්‍රංශය , ඉතාලිය ,බ්‍රිතාන්‍යය සහ කැනඩාව යන රටවල් G7 සමුළුවේ සාමාජිකත්වය දරණු ලබයි. මේ ව විට සිදුවෙමින් පවතින ඇමසන් වන විනාශය ජාත්‍යන්තර අර්බුධයක් බවට ප්‍රංශ ජනපතිවරයා විසින් යෝජනා කළ පරිදි සාකච්ඡාව ආරම්භයේදීම අවධානය යොමු කර ඇත. ඒ අනුව සාකච්ඡාවේ පළමු වටයෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් ඇමර්සන් වැසි වනාන්තරය ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 10 ක් ලබාදීමට එකඟ වූ බවද ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි.

එසේ වුවත් ඇමරිකානු මාධ්‍ය සදහන් කරන පරිදි ගෝලීය ආර්ථිකය පිළිබද සාකච්ඡා නොකිරීම ජනපති ට්‍රම්ප්ගේ විවේචනයට බදුන් වී ඇත. එසේ වුවත් සමුළු ගෝලීය ආර්ථිකය පිළිබද සාකච්ඡාවේදී අනෙකුත් G7 සාමාජිකයන් ට්‍රම්ප් ජනපතිවරයා විසින් අනුගමනය කරන බදු ප්‍රතිපත්ති පිළබදව සිය විවේචන එල්ල කර තිබේ.
මෙවර සමුළුවේ දී ඉරානය අර්බුදය සහ G7 රටවල විදේශ ප්‍රතිපත්ති සහ ඉන්දියා ව සහ පකිස්ථානය අතර උග්‍රවෙමින් පවතින කාශ්මීර අර්බුදය ගැනද සාකච්ඡාවට ලක් කර තිබේ.
මෙවර G7 සමුළුවේ සත්කාරක රට වන්නේ ප්‍රංශයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි