එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවත්වීමට නියමිත පළමු රැස්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන්නට අනුමැතිය ලබාදෙන ලෙසට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දෙවන එළිසබෙත් රැජිනගෙන් ඉලලා සිටීමට නියමිත බව ඊයේ විදේස් මාධ්‍ය විසින් අනාවරණය කරන ලදී.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට බ්‍රිතාන්‍ය දෙවන එළිසබත් රැජිනගේ අනුමැතිය හිමිවී ඇති බව අද වාර්ථා විය.
මේ අතර පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට අගමැති ඇතුළු රජය ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව කථානායක ජෝන් බර්කොවු පවසයි.
කෙසේ වෙතත් ලබන මස මුලදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යළි ආරම්භ වීමෙන් පසුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඔක්තෝබර් 14 වනදා දක්වා අත්හිටුවීමට පියවර ගනු ඇත. ඉන් පසු නැවතත් බ්‍රිතාන්‍ය රැජින පැවැත්වීමට නියමිත සාම්ප්‍රදායික දේශනයත් සමග නව පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීමට නියමිතය .
බොරිස් ජොන්සන් අගමැතිවරයා මේ පිළිබදව පවසා සිටියේ නව බ්‍රෙක්සිට් වැඩපිලිවෙලක්ද හදුන්වාදීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. බ්‍රෙක්සිටි ක්‍රියාවලිය ගිවිසුමකින් තොරව ක්‍රියාත්මක කර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් කිරීමේ සැළසුම ඔහු විසින් ආරම්භ කර ඇති බව මේ අනුව පෙනීයයි.
පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමට බොරිස් ජොන්සන් අගමැතිවරයා ගත් තීරණයට එරෙහිව මේ වන විපක්ෂයේ පාර්ලිමේන්තු සාමාජිකයන් මෙන්ම ජනතාවද සිය විරෝධතාව පල කරමින් සිටී. විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක්ද පැවැත්විණි. ඔවුන් පවසා සිටින්නේ බ්‍රෙක්සිට් (යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීමේ ) ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රිකව මැදිහත්වීමේ අයිතිය අනෙක් පාර්ශවයන්ට ලබා නොදී සිටීමට අගමැතිවරයා පියවර ගෙන ඇති බවයි.