චීන රජයේ ඉහලතම රාජ්‍ය තාන්ත්‍රිකයකු වන රාජ්‍ය සභා මන්ත්‍රී වැං යි, එළඹෙන සතිය තුළ උතුරු කොරියාවේ සංචාරයක නිරත වන බවට චීනයේ විදේශ අමාත්‍යංශය අද (30) දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.
ප්යොංයැං විසින් මිසයිල දියත් කිරීම සහ අත්හදා බැලීම් මාලාවක් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වූ අවස්ථාවක, චීන රජයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයකු වන වැං යි මෙසේ උතුරු කොරියාව බලා පිටත් වීමට නියමිත බව පැවසේ.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය සෙනසුරාදා දින අතිවිශාල බහුවිධ රොකට් ලෝන්චරයක් දියත් කිරීමේ පරීක්ෂණය අධීක්ෂණය කළේය. න්යශ්ටිකකරණය නැවැත්වීම පිළිබඳ සාකච්ඡා පවතින කාලවකවානුවක මෑත සතිවල පැවති න්‍යශ්ටික දියත් කිරීම් වල නවතම පරීක්ෂණය මෙය බව කියවේ.