Twitter නිර්මාතෘ වරයා මෙන්ම Twitter සමාගමේ ප්රධෘන විධෘයක නිළධාරියා වන ජැක් ඩොර්සිගේ Twitter ගිණුමට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇත.
හැකර් ප්‍රහාරයෙන් අනතුරුව ජැක් ඩොර්සිගේ Twitter ගිණුමෙන් විවිධ පණිවිඩ පළ කර ඇති අතර ඔහුට අපහාස වන අන්දමේ පණිවිඩ , ජාතිකත්වය සම්බන්ධ අපහාස මෙන්ම හිට්ලර් පිළිබදව ගුණ වර්ණනාවන්ද ඔහුගේ ගිණුම ඔස්සේ පළ කර ඇත. එමෙන්ම ඔවුන් විසින්
Twitter සමාගමේ ප්‍රධාන කාර්යාලයේ බෝම්බ ප්‍රහාරයක් පිළිබදවද පණිවිඩ ප්‍රචාරය කර ඇත. “Chuckling Squad” නමින් තමන්ව හදුන්වා ගත් කණ්ඩායමක් විසින් මෙම හැකර් ප්‍රහාරය එල්ල කර ඇති බවට අනාවරණය වී ඇත.
ජැක් ඩොර්සි ගේ Twitter ගිණුමේ සාමාජික පරිශීලකයන් මිලියන 4කට වඩා සිටින අතර මිනිත්තු 30කට අඩු කාලයක් හැකර් වරුන් ට ඔහුගේ ගිණුම සිය පාලනය යටතේ තබා ගැනීමට හැකිවී ඇත. මෙම සිදුවීම සම්බන්ධව Twitter ජාලයහා සම්බන්ධව දෝෂයක් පිළිබදව අනාවරණය නොව බව පවසන Twitter සමාගමේ ප්‍රකාශකයෙකු පවසා සිටින්නේ ඔවුන් සදහන් කරන අයුරේ බෝම්බ පිපිරවීමක් සම්බන්ධව ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවයි.
මේ සදහා යොදා ගත් ජංගම දුරකථන ජාලය ඔස්සේ මෙම ප්‍රහාරය සිදු කර ඇති බවට හෙළි කර ට්විටර් සමාගම පවසන්නේ එය Sim swap attack ( “simjacking”) වර්ගයේ ප්‍රහාරයක් බවයි. එමගින් සිදු කරනුයේ එක වරම අදාළ දුරකථන අංකයක් වෙනත් සිම්පතකට මාරු කිරීමයි. එමගින් හැකර් වරයාට තමන්ට අවශ්‍ය අංකයට අදාළව පණිවිඩ යැවීමේ අවස්ථාව සැළසේ.