හොංකොං නගරයේ පසුගිය කාලයේ පැවති නොසන්සුන්කාරී වාතාවරණය සමතයකට පත්වීමත් සමඟ වැඩි කලක් යන්නට මත්තෙන් එම නගරයේ මොනොරේල් දුම්රියපොළවල් (MRT) වලට පෙට්රෝල් බෝම්බ ප්‍රහාර එල්ල වීමට පටන් ගෙන ඇති බවට වාර්තා වේ.
පසුගිය ඉරු දින (15) ඇතිවූ මෙම නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ වන් චායි, අද්මිරාල්ටි සහ කොස්වේ බේ හි MRT දුම්රිය ස්ථාන වසා දැමීමට සිදුවිය. එමඟින් අවට ප්‍රදේශවාසීන් මෙන්ම මෙන්ම විරෝධතාකරුවන් ගේ කෝපය තවත් උත්සන්න වී ඇති බවට වාර්තා වේ.
සඳු දින (16) උදෑසන වන විට දුම්රිය සේවා නැවත යථාතත්ත්වයට පත්වූවද, ඉරු දින සිදුවූ ප්‍රහාර මඟින් ඇතිවූ නොසන්සුන්කාරී ස්වභාවය පහව ගොස් නොතිබිණ.
වන් චායි දුම්රියපළ අසල, කැරලිකරුවන් ගිනිතබා ප්රෙට්රල් බෝම්බ හෙලූ පිවිසුම් දෙකක බිමෙහි පිළිස්සුම් සලකුණු දක්නට ලැබිණි. ගොඩනැගිලි වලට අලාභහානි සිදුකොට බිඳී ගිය වීදුරු සුදු කැන්වස් රෙදි මඟින් ආවරණය කර තිබිණි. අලාභහානි සිදුවූ නිරීක්ෂණ කැමරා පද්ධති කළු පොලිතින් වලින් වසා තිබිණි.
වන් චයි දුම්රියපළෙහි තොරතුරු හා ගාස්තු ප්‍රදර්ශනය කරන තිර විනාශ කර දමා ඇති අයුරු දැක ගන්නට තිබිණි.
අද්මිරාල්ටි දුම්රියපළට ද දැඩි අලාභ හානි සිදුවී ඇති අතර එක් පිටවුම් මඟක පැවති යකඩ හා ප්ලාස්ටික් බාධාක කැරලිකරුවන් විසින් විනාශ කර දමා ඇති අයුරු දිස්විණි. නිරීක්ෂණ කැමරා කිහිපයක් විනාශ වී ඇති බවට ද වාර්තා විය.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක MTR දුම්රියපළවල් වලට මේ අන්දමින් අලාභහානි සිදුකර ඇති බවට වාර්තා විය.
කැරලිකරුවන් විසින් නැවත වරක් ප්රචණ්ඩත්වය ද්වේශ සහගත ක්‍රියා දියත් කිරීම මඟින් MTR දුම්රියපළ වල ගමන් ගත් මඟීන්ගේ පමණක් නොව කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ ජීවිතද අනතුරේ හෙලූ බවට හොංකොං හි මොනොරේල් දුම්රිය සංස්ථාව ප්‍රකාශ කරන ලදී.
මෙම නීතිය හා සාමය නොසලකා හරින ලද ප්රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකිමින් පොලීසිය සඳුදා දින ප්‍රකාශයක් නිකුත් කරන ලදී.
නෝර්ත් පොයින්ට් සහ ෆෝට්රස් හිල් ප්‍රදේශයන් හි වීදි වල ද ප්රචණ්ඩ ගැටුම් මෙන්ම මගීන් ට පහරදීම් සහ වාචික හිංසනයන් සිදුවී ඇති බවට වාර්තා වූ අතර, ඇතැම් මාධ්‍යවේදීන් ප්‍රකාශ කර සිටියේ එම ගැටුම් ඔවුන් ඉලක්ක කරගෙන සිදුවූ ඒවා ද බවයි.