×

ඕස්ට්‍රේලියාවේ අගනගරය – කැන්බරා හි කංසා පරිභෝජනය නීතිගත කෙරේ

'


ඕස්ට්‍රේලියාවේ අග නගරය වන කැන්බරා, එරට කංසා භාවිතය නීතිගත කළ ප්‍රථම නගරය බවට පත් විය.

ඒ අනුව පෞද්ගලික පරිභෝජනය සදහා කංසා වගා කිරීමත් ඒවා ලග තබා ගැනීමත් මින් ඉදිරියට නීති විරෝධී ක්‍රියාවක් නොවේ.

අද දහවල් කැන්බරා  ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම නීතිය සම්මත කළ අතර වයස අවුරුදු 18 වැඩි පුද්ගලයින් සදාහා පෞදිගලික ප්‍රයෝජනය සදහා කංසා ග්‍රෑම් 50ක් හෝ ඊට අඩුවෙන් ලග තබා ගැනීමටත් කංසා පැළ දෙකක් උපරිමව වගා කිරීමටත් අවසර ලැබේ.

මේ පිළිබදව අදහස් දක්වමින් මේ සදහා මූලිකත්වය ගත් නීතිඥ ගෝරඩන් රම්සේ පවසන්නේ හරි හෝ වැරදි ද යන්න සිතනවා ට වඩා මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් වන බවයි.

2016 වසරේදී ඕස්ට්‍රේලියාව තුළ ඖෂධ වශයෙන් කංදා භාවිතය නීති ගත කළද පෞද්ගලික පරිභෝජනය සදහා කංසා භාවිතය නීති ගත කළ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

ඕස්ට්‍රෙලියාවේ කැන්බරා හැරුණ විට කැනඩාව. ස්පාඤ්ඤය, උරුගුවේ සහ අමරිකානු ප්‍රාන්ත කිහිපයක පෞද්ගලිකව කංසා භාවිතය නීති ගත කර ඇත.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අධිකාරිය පවසන්නේ එරට වයස අවුරුදු 14ට වැඩි පුද්ගලයින්ගෙන් 35%ක් සිය ජීවිත කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන බවයි.

කැන්බරා හි ජනගහණය 400000කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි