×

අයිඑස් ප්‍රහාරයකින් ඊජිප්තුවේ සෙබලුන් 7ක් මරුට!

ඊජිප්තුව දිගු කලක් පුරාවට අයිඑස් ත්‍රස්තවාදීන් ට එරෙහි සටන් කරන අතර, සෙබලුන්, පොලිස් නිලධාරීන් හා සිවිල් වැසියන් සිය ගණනක් මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.


ඊජිප්තුවේ උතුරු සිනායි කලාපයේ බිර් අල්-අබද් ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (27) දින සැඟවී සිට එල්ල කළ ප්‍රහාරයකින් සෙබලුන් සත් දෙනෙකු සහ එක් සිවිල්වැසියකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊජිප්තු ආරක්ෂක අංශ පවසන අන්දමට ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. 

බිර් අල්-අබද් ප්‍රදේශයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සෙබලුන් දෙදෙනෙකු තුවාල ලබා ද ඇත.

ප්‍රහාරයේ වගකීම භාරගත් අයිඑස් සංවිධානය මෙම ප්‍රහාරයේදී සෙබලුන් 15 දෙනෙකු ඝාතනය කළ බවට ප්‍රකාශ කර තිබිණි. කෙසේවෙතත් මෙම සංඛ්‍යාව මේ වන තුරු තහවුරු කර ගෙන නොමැත. 

ඊජිප්තුව දිගු කලක් පුරාවට අයිඑස් ත්‍රස්තවාදීන් ට එරෙහි සටන් කරන අතර, සිනායි කලාපයේ උතුරු කොටසේ සෙබලුන්, පොලිස් නිලධාරීන් හා සිවිල් වැසියන් සිය ගණනක් අයිඑස් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.

සිකුරාදා දින ඊජිප්තු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, ආරක්ෂක අංශ විසින් සිනායි හි උතුරු සහ මධ්‍යම කලාප වල අයිඑස් ත්‍රස්තවාදීන් 118ක් මර්දනය කිරීමට මේ වන විට සමත් ව ඇති බවයි. 

කෙසේවෙතත් එම නිවේදනය තුළ මෙම ත්‍රස්තවාදීන් මර්දනය කළ කාලවකවානු පිළිබඳ සඳහන් වන්නේ නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි