දකුණු කොරියානු වරායේ අද (28) දින තෙල් ටැංකි රැගත් යාත්‍රාවක හටගත් ගින්නකින් තෙල්ටැංකි දෙකක් පිපිරී යාම නිසා වරාය නාවිකයන් නව දෙනෙකු තුවාල ලබා තිබේ.
දකුණු කොරියාවේ උල්සන් හි දකුණුදිග වරායේ පිහිටා ඇති කේමන් දූපත් ධජය දරණ ටොන් 25,000 පමණ බරැත් ස්ටෝල්ට් ග්රෝන්ලන්ඩ් නම් තෙල් ටැංකි රැගත් යාත්‍රාවේ මෙම ගින්න හට ගැනීම නිසා පිපිරීම සිදුවී ඇත. පිපිරීම සිදුවී ඇත්තේ පෙ.ව. 10.50 ට (GMT 0150) වන අතර, එම මොහොතේ වරාය නාවිකයන් 25 දෙනෙකු පමණ එහි සිටි බවට වෙරළාරක්ෂක බලකාය පවසයි.
මෙම ගින්න අසල පැවති තවත් තෙල් ටැංකියකට පැතිර යාම නිසා එයද පිපිරී තිබේ.
තුවාල ලැබූ පිරිස අතර රුසියානු හා පිලිපීන ජාතික නාවිකයන් සිටි බවට ද වාර්තා වෙයි.
ස්ටෝල්ට් ග්රොන්ලන්ඩ් යාත්‍රාවේ සියළු නාවිකයන් ද තවත් 21 දෙනෙකුද අනතුර සිදුවූ ස්ථානයෙන් ඉවත් කර ගෙන ඇත. කෙසේවෙතත්, තුවාල ලැබූ පිරිසෙයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්න ඇතිවීමට හේතුව සොයාගැනීමට මේ වන විට වෙරළාරක්ෂක බලකාය මෙහෙයුම් දියත් කර ඇති අතර මතුව ඇති අවදානම් තත්ත්වය මත පොලිසිය අවට ප්‍රදේශයේ මාර්ග වසා දමා තිබේ.