×

සෞදි රජුගේ ආරක්ෂක නිළධාරියා ඝාතනය කෙරේ

.


සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් රජුගේ ප්‍රධානතම ආරක්‍ෂක නිලධාරියා වන මේජර් ජෙනරාල් අබ්දුල් අසීස් අල් ෆග්හැම් ඝාතනය කර ඇත.

එරට රජයේ මාධ්‍ය පවසන්නේ මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුව ඇති බවයි.

83 හැවිරිදි සල්මාන් බින් අබුදුල් රජුගේ ඉතාමත් සමීපතම සේවකයෙක් වූ ඔහු පිළිබද අද සෞදි අරාබියේ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය තුළ ශෝකය ප්‍රකාශ කරන්නට බෙහෝ පිරිසක් කටයුතු කර ඇත.

ඔහු ගේ මිතුරෙකුගේ වෙඩි පහරින් ඔහු මිය ගොස් ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වන අතර ඔහු අසළ සිටි පිලිපීන ජාතික සේවකයෙකුද තුවාල ලබා ඇති බව මාධ්‍ය අනාවරණය කරයි.

වෙඩි තබා ඝාතනය කිරීම් අවම රටක් ලෙස සෞදි අරාබිය සළකන අතර එක්සත් ජාතීන්ගේ වාර්ථාවන්ට අනුව 2017 වසරේ මිනිස් ඝාතන වාර්ථා වී ඇති ප්‍රමාණය 419කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි