×

ඉම්රාන් ඛාන්ට ඉන්දියාව නඩු දමයි

.


පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ මුෂාර්පූර් අධිකරණයක් නඩුවක් ගොනු කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.

පසුගියදා නිව්යෝර්ක් නුවර දී පැවති එක්සත් ජාතින්ගේ වාර්ෂික සමුළුව අමතමින් කාෂ්මීර අර්බුදය සම්බන්ධව ඉම්රාන් ඛාන් දැක්වූ අදහස් පදනම් කරමින් මෙම විරෝධය එල්ල කර ඇත.

සුධීර් ඔහ්ජා නැමති නීතිඥයෙකු විසින් මෙම නඩුව පවරා ඇති අතර ඉම්රාන් ඛාන්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ ඉන්දියාවට පාකිස්ථානයෙන් න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අවධානමක් පවතින බවයි.

ඉන්දියාවට එරෙහිව ප‍්‍රතිවිරෝධාත්මක අදහස් දක්වමින් එක්සත් ජාතින්ගේ සමුළුවේදි විනාඩි පනහක කාලයක් රාජ්‍ය නායකයන් ඇමතූ පාකිස්ථාන නායකයා පවතින කාශ්මීර් අර්බුදය න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා දුර දිග යෑමට ඉඩ ඇති බව අවධාරණය කරන ලදී.

පසුගියදා ඉන්දියාව විසින් කාශ්මීරය සතු ස්වයංපාලන බලතල අහෝසි කරමින් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 ඉවත් කිරීම හා කාශ්මීරයේ ජන ජීවිත වලට බලපෑම් කිරීම ඉන්දියාවට එරෙහිව පාකිස්ථානයයේ විරෝධයට හේතු වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි