×

නිදහසේ මරන්න … !ඩුටර්ටේගෙන් නව පොලිස් පතිට උපදෙස්

මිනිස් අයිතිවාසිකම් වලින් මට ඇති වැඩක් නෑ.....


මත් දුව්‍ය ජාවාරම් පිළීබදව සිදු කරන ලද සුවිශේෂී මෙහෙයුම් දෙකකදී ඒ හා සම්බන්ධ නගරාධිපතිවරුන් දෙදෙනෙකු මරා දැමූ බවට චෝදනා පවතින නිළධාරියෙකු පිලපීනයේ නව පොලිස් පතිවරයෙකු ලෙස තේරි පත් විය. මේ සම්බන්ධව දැඩි විවේචන එල්ල වූ අතර පසුගියදා පිලපීනයේ ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ විසින් ඔහු වෙත පුද්ගලයින් ඝාතනය කිරීම සදහා අනුමැතිය ලබා දී ඇත.

මැනිලා හී පැවති ව්‍යාපාරික සමුළුවක් අමතමින් කළ කථාවකදී පිලපීන ජනපතිවරයා පවසා ඇත්තේ නව පොලිස් පතිවරයා විසින් මත්ද්‍රව්‍යවලට එරෙහිව සිය රජය විසින් පවත්වාගෙන ගිය යුද්ධය නොනවත්වා පවත්වාගෙන යායුතු බවයි.

ස්පාඤ්ඤ යුගයට අයත් පිලපීනයේ නගරයක් වන බකෝලෝඩ් නගරයේ මත්දුව්‍ය ජාවාරම් මැඩලීම සදහා පොල්ස්පතිවරයාගේ සහය ජනපතිවරයා අපේක්ෂා කරයි. එි සමිබන්ධව තමන් පොලිස්පතිවරයාට උපදෙස් දුන් ආකාරය පිළීබදව උදම් අනමින් සිය වචන වලින්ම ඔහු පවසන්නේ ‘Go there and you are free to kill everybody. Son of a b****, start killing there. The two of us will then go to jail’,” එහි යන්න සියල්ලන්ම මරා දැමීමට ඔබට නිදහස ඇත යනුවෙනි. පිලපීන සහ ඉංග්‍රීසි මිශ්‍ර බසින් ඔහ්‍ර සිය ප්‍රකාශය මෙසේ උද්ධෘත කර ඇත.

එමෙන්ම තමන් මිනිස් අයිතිවාසිකම් පිිළිබදව කිසිසේත් අවධානය යොමු කර නොකරන්නෙක් බවද ඔහු පවසා සිටී,
පිලපීන මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී කරේන් ගෝමස් ඩම්පිට් ඩුටර්ටේටේ ජනපතිගේ ප්‍රකාශයන් හෙළා දකිමින් කියා සිටියේ ජනාධිපතිවරයා දිගින් දිගටම “රට තුළ සැහැසි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බවයි”

“අපට ජනාධිපතිගෙන් ඇසීමට අවශ්‍ය වචන ඒවා නොවේ” අල් ජසීරාට පුවත් සේවය අමතමින් ඩම්පිට් පැවසූ අතර පසුගිය බදාදා බැකෝලෝඩ් හි මෙහෙයුම් සඳහා නියෝජ්‍ය පොලිස් අධ්‍යක්ෂක ලෙස නම් කරන ලද එස්පෙනිඩෝ පත් කිරීම පිළිබඳව බැකෝලෝඩ් වැසියන් කෝපයට පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.

පොලිස් ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් බර්නාඩ් බැනැක් පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එස්පෙනිඩෝගේ පත්වීම “නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ඔහුගේ [ඩුටර්ටේ] මැතිවරණ පොරොන්දුව අවධාරණය කිරීමක් ලෙස” දකින බවයි. ඩුටර්ටේගේ නවතම ප්‍රකාශය “ඔහුගේ කෂණික කෝපය නිසා” පමණක් බව ඔහු සඳහන් කළේය.

2017 දී, මින්ඩනාඕ දූපතේ ඔසාමිස් නගරයේ පොලිස් ප්‍රධානියා ලෙස එස්පෙනිඩෝ කටයුතු කළ අතර, නගරාධිපති රෙනෝල්ඩෝ පරෝජිනොග්, ඔහුගේ බිරිඳ සහ තවත් 13 දෙනෙකු ඝනය කළ අතර, ඔශුගේ ඥාතීන් පවසන්නේ එය කලින් සැළසුම් කර සිදු කළ ඝාතනයක් බවයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි