×

ට්‍රම්ප් ගේ ‘ත්‍රස්තවාදී’ නිර්වචනයට උතුරු කොරියාවෙන් සැර පිළිතුරක්!

මෙම අපහාසයෙන් පිළිඹිමු වන්නේ ඇමරිකාවේ සාහසික න්‍යාය පත්‍රයයි, උතුරු කොරියාව පවසයි.


පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ත්‍රස්තවාදය පිළිබඳ වාර්තාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ, එකී වාර්තාව තුළ උතුරු කොරියාව ‘ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන’ රාජ්‍යයක් යැයි සඳහන් ව තිබීම නිසාය. 

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය කේසීඑන්ඒ පුවත් සේවය අද (05) දින වාර්තා කර තිබූ පරිදි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ එකී වාර්තාව තුළ උතුරු කොරියාව යනු ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන රාජ්‍යයක් යැයි සඳහන් ව තිබීම එරට පවතින සාහසික න්‍යාය පත්‍රය හා එමඟින් න්‍යෂ්ඨිකකරණය වැළැක්වීම සඳහා එළඹි සාකච්ඡා අවහිර කිරීමට ඇමරිකාවට පවතින අවශ්‍යතාව මනාව පිළිඹිමු කරන බවට උතුරු කොරියාව පවසා තිබේ. 

ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ඨිකකරණය වැළැක්වීම පිළිබඳ දෙරට අතර පවතින සාකච්ඡා වල ප්‍රගතියක් දක්නු ලැබීමට අකමැති බව උතුරු කොරියාවේ අර්තකථනයයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය ජුනි මාසයේ දී න්‍යෂ්ටිකරණය වැළැක්වීම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට එකඟ වීමෙන් අනතුරුව පළමු වරට උතුරු කොරියානු සහ එක්සත් ජනපද නිලධාරීන් සාකච්ඡා පැවැත්වූ මුත් එය අසාර්ථක විණි. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකාවේ උතුරු කොරියානු තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ එකී සාකච්ඡා තුළ ඇමරිකාව සිය නම්‍යශීලීභාවය පෙන්වීමට අපොහොසත් වූ බවයි. 

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ වාර්තාව තුළ උතුරු කොරියාව පහත් අන්දමින් අර්තකථනය කර තිබීම මේ බව වඩාත් තහවුරු කර සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරන ලද බව කේසීඑන්ඒ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටියි. 

පසුගිය නොවැම්බර් 1 දා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද “2018 වර්ෂයේ ත්‍රස්තවාදය පිළිබඳ දේශීය වාර්තාවට” අනුව ත්‍රස්තවාදයේ රාජ්‍ය අනුග්‍රහකයෙකු ලෙස උතුරු කොරියාව නම් කර තිබිණි. එම වාර්තාව තුළ සඳහන් ව තිබුණේ මෙවැන්නකි:

“DPRK (Democratic People’s Republic of Korea) විදේශ භූමිවල මනුශ්‍ය ඝාතන වලට සම්බන්ධවී ඇති බැවින් DPRK රජය ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන්ට නැවත නැවතත් සහයෝගය ලබා දී ඇති බව තහවුරු වේ.”

දැනට දෙවසරකට පෙර මැලේසියාවේදී සිදුවූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ සොයුරකු යැයි කියන කිම් ජොන් නම් ගේ ඝාතනය පිටුපස සිටින සැකකරුවන් සිව් දෙනා උතුරු කොරියානු ජාතිකයින් බවට මැලේසියානු පොලිසිය විසින් හඳුනාගෙන තිබිණි. එකී ඝාතනය පිටුපස උතුරු කොරියානු දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට විවිධ මාධ්‍ය වාර්තා පළවී තිබිණි. කෙසේවෙතත්, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බලධාරීන් තවමත් සමත් ව නැත. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි