හොංකොං විරෝධතාකරුවන්ට පොලිස් උණ්ඩය ද ක්‍රියාත්මක වෙයි!
මෙම සිදුවීම කැමරා කාචයේද සටහන් වී තිබේ.
මීට සුළු මොහොතකට පෙර කේබල් ටීවී වාරතා කර තිබූ අන්දමට හොංකොං පොලිසිය විසින් එම නගරයේ වීදි පුරා විසූ විරෝධතාකරුවන් හට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
ඊයේ දින ආසියානු මූල්‍ය කේන්ද්‍රය හා සාප්පු සංකීර්ණ වලට හානි පමුණවමින් උද්ඝෝෂණ වල නිරත වී ඇති හොංකොං විරෝධතාකරුවන් හට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුවූ අතර, නවතම වාර්තා වලට අනුව වෙඩි ප්‍රහාර එල්ල කිරීමක් ද සිදුවී ඇත.
මෙම සිදුවීම කැමරා කාචයේද සටහන් වී තිබිණි.
මෙම වෙඩි ප්‍රහාර දියත් කිරීම සිදුව තිබෙන්නේ හොංකොං නගරයේ නැගෙනහිර කලාපයේ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත්, මේ පිළිබඳ පැහැදිලි වාර්තා මෙතෙක් මාධ්‍යයට නිකුත් වී නොමැත.