උතුරු කොරියාවේ ප්යොංයැංග් අගනුවර හා එක්සත් ජනපදයේ වොෂිංටන් අතර න්‍යෂ්ටිකකරණය වැළැක්වීම පිළිබඳ සාකච්ඡා ඇණ හිට ඇති බැවින් උතුරු කොරියාව අවි අත්හදා බැලීමේ මෙහෙයුමක් දියත් කිරීමේ අවදානමක් පවතී යැයි චීනය අනතුරු අඟවයි.
එබැවින් එකී සාකච්ඡා විධිමත් විය යුතු බවට චීනය පෙන්වා දෙයි.
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය ලුවෝ ෂවෝහි පවසා සිටියේ උතුරු කොරියාවේ පවතින ආතතිකාරී ස්වභාවය ඉහළ ගොස් ඇති මුත් තවමත් සංවාද හා උපදේශන මට්ටමෙන් තත්වය ඉවත්ව ගොස් නොමැති බවය.
එබැවින් තවමත් කාලය ඉතිරිව ඇති බැවින් කඩිනමින් මෙම සාකච්ඡා පවත්වා දෙරට අතර එකඟතාවකට පැමිණිය යුතු බවට ඒ මහතා අවධාරණය කර සිටියි.
උතුරු කොරියාව මෑත දින වලදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සිටින්නේ හිත හොඳින් නොවන බව පැහැදිලිවම දක්නට ලැබී තිබිණි. ඒ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම හා න්‍යෂ්ටිකකරණය වැළැක්වීම පිළිබඳ දෙරට අතර පැවති සාකච්ඡා පිට පිට අසාර්ථක වූ බැවිනි.
මීට අමතරව, චීනය රුසියාව හා එක්ව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට බල කර සිටියේ ඇමරිකාව විසින් උතුරු කොරියාවට පනවා ඇති අපනයන සම්බාධක ඉවත් කළ යුතු බවයි. ඒ, දෙරට අතර මතුව පවතින මතභේදාත්මක තත්ත්වය යම් තාක් දුරකට හෝ සමනය කිරීමේ අරමුණින් ය.
කෙසේ වෙතත්, ඇමරිකාව මේ පිළිබඳ සිය සෘජු විරෝධය පළ කර තිබිණි.