×

CAA පනත මෝදීට හරහට හිටියි – ජර්කාන්ද් ප්‍රාන්ත මැතිවරණයත් පරාදයි

එම නව පුරවැසි පනතට එල්ල වූ විරෝධතා හේතුවෙන් මේ වන විට 20කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.


ඉන්දියාවේ ජර්කාන්ද් ප්‍රාන්ත මැතිවරණයෙන් පාලක භාරතීය ජනතා පක්ෂය දරුණු පසුබෑමකට ලක්ව තිබේ. මැතිවරණ ප්‍රථිපලය අනුව ආසන 81කින් සමන්විත ජර්කාන්ද් ප්‍රාන්ත මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදී නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 25ක් පමණි.

ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය හා ඊට සහය දක්වන කණ්ඩායම් විසින් ආසන 46ක් ජයග්‍රහණය කර තිබේ.

මෙම ප්‍රාන්ත මැතිවරණයත් සමඟ භාරතීය ජනතා පක්ෂය මෙම වසරේදී ප්‍රාන්ත මැතිවරණ දෙකක් පරාජයට පත්විය. ඒ අනුව මහාරාෂ්ට,හරියානා සහ ජර්කාන්ද් ප්‍රාන්ත ඔවුන් පරාජයට පත්ව ඇත.

2014 මැතිවරණයේදී මහාරාෂ්ට හි 122ක් භාරතීය ජනතා පක්ෂය දිනාගත් අතර මෙවර එය 105ක් දක්වා පල්ලම් බැස තිබුණි. හාරියානාවෙන් ඔවුන් ආසන 07ක් අහිමි කරගනිද්දී ජර්කාන්ද් හි ආසන 12ක් අහිමි කරගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙන පරිදි පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් නව පුරවැසි පනතට ඇති ජනතා විරෝධය මෙම මැතිවරණ ප්‍රථිපලය හරහාද නිරූපණය වන බවයි.

එම නව පුරවැසි පනතට එල්ල වූ විරෝධතා හේතුවෙන් මේ වන විට 20කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

පුරවැසි පනතට එරෙහිව භාරතය පුරා උද්ඝෝෂණ ඇවිලී ඇති මොහොතක අගමැති නරේන්ද්‍ර මෝදී දිල්ලි නුවරදී ජනතාව අමතා තිබුණි. අගමැතිවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව පුරවැසි පනත හරහා ඉන්දියාවේ සිටින මුස්ලිම්වරු ඇතුළු ජනතාවට බලපෑමක් ඇති නොවන බවයි.

අගමැතිවරයා පෙන්වාදෙන්නේ විපක්ෂය විසින් මෙම විරෝධතා අවුළුවමින් සිටින බවයි.

අසත්‍ය කාරණා පතුරුවා හරිමින් සහ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙමින් සමාජය රැවටිල්ලකට ලක් කිරීමට විපක්ෂය කටයුතු කරමින් හිඳින බවයි අගමැති මෝදී චෝදනා කරන්නේ.

කෙසේවෙතත් ප්‍රාන්ත මැතිවරණයෙන් ආණ්ඩුවට ජනතාව යම් ඉඟියක් ලබා දී ඇති බව නම් පෙනෙන්නට ඇත.

අෂිකා බ්‍රහ්මණ – ලංකා නිව්ස් වෙබ් වෙතිනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි