ඕස්ට්‍රෙලියාවේ වෙරළාසන්න නගරයක් වන මල්ලාකූටා හී සියළු වැසියන් අද උදෑසන බේට්මන්ස් බොක්ක ආශ්රිත වෙරළට කැඳවන ලදී. ඒ හදිසියේ නගර මධ්‍යයේ ඇති වූ ලැවු ගින්න හේතුවෙන් නගරයේ ජනතාවට මුහුණ දෙන්නට සිදු වූ අනතුරුදායක තත්ත්වය මතයි.
තත්ත්වය පිළිබදව නගර වැසියන් සමාජ මාධ්‍ය වෙත ඡායාරූප සහ තොරතුරු පළ කරමින් සියල්ලන්ම දැනුවත් කරන්නට කටයුතු කර තිබිණී. මෙය සංචාරක නගරයක් වන අතර නිවාඩු ගත කිරීමට පැමිණ සිටි ඕස්ට්‍රෙලියානු වැසියන් සහ විදේශිකයන්ටද මෙම අත් දැකීමට මුහුණ දීමට සිදුවිය.
සිඩ්නි සහ මෙල්බන් නගර අතර පිහිටි මෙහි නිවාඩු නිඛේතන කිහිපයක්ද ලැවුගින්න නිසා විනාශ වී ගොස් ඇති බව වාර්ථා වේ.
දරුණූ ලෙස පැතිරුණ ගිනිදැල් කිලෝ මීටර් 500ක් තරම් දුරට විහිද ගොස් ඇත.
මේ වන විට නිව් සවුත්වේල්ස් නගරය ආශ්රිත වැසියන් සහ බර්මාගුයි මෙන්ම බේට්මන්ස් බොක්ක ආශ්‍රිතව සිටි පිරිස්ද වෙරළ කරා කැඳවා තිබේ.
බෙට්මෑන්ස් කලාපය මේ වන විට අනතුරුදායක කලාපයක් ලෙස නම් කර ඇත.