×

මුළු මහත් ඉතාලියම අවදානම් කලාපයක් කෙරේ

.


කොරෝනා වෛරසයේ සීග්‍ර පැතිර යාමත් සමග මිලියන 60ක ජනතාවක් වෙසෙන සමස්ත ඉතාලියම අවධානම් කලාපයක් බවට පත් කිරීමට එරට රජය තීරණය කරයි. ඒ අනුව සමස්ත ඉතාලියම මේ වන විට පවතින්නේ නිරෝධායනය කළ යුතුව පවතින අවධානම් කලාපයක් ලෙසය. මේ වන විට වෛරසය හේතුවෙන් ඉතාලියේ 9000ක් දෙනා ආසාධිත වී ඇති අතර මිය ගිය පිරිස 463කි.

ඉතාලයේ අගමැති ගුසේප් කොන්ටේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙතෙක් පැවති ගමනා ගමන සීමාකිරීම් තව දුරටත් සීමා වනු ඇති බවයි. ඒ අනුව ඉතාලි ජාතිකයන්ට හැකි තාක් නිවසෙන් පිට සංචාරය කිරීම් සීමා කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

ලොව පුරා කිරීටක වෛරසයෙන් පුද්ගලයින් 3,800 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර රෝගීන් 110,000 කට වැඩි සංඛ්‍යාවක් තහවුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි