කොරෝනා වෛරස පරීක්ෂා තොගයක් අතුරුදන් – ක්ලේලිට් සමාගම පවසයි!
ඊශ්‍රාලයේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 883 ලෙස සටහන් වේ.
ඊශ්‍රායලයේ කොරෝනා වෛරස පරීක්ෂා තොගයක් අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කරන අන්දමට, ඊශ්‍රායලයේ ක්ලේලිට් නම් සෞඛ්‍ය රක්ෂණ සමාගමේ ඉහළ නිලධාරියකු පවසා තිබෙන්නේ කොරෝනා වෛරසය සඳහා රෝගීන් ගේ සිදුකළ පරීක්ෂා සාම්පල කොටසක් අතුරුදන් වී ඇති බවයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වේ.
ක්ලේලිට් යනු ඊශ්‍රායලයේ පවතින විශාලතම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන අතර, එය සෞඛ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය අරමුදල් රැස් කිරීම ආදී සේවාවන් රැසක් සිදුකරන සංවිධානයකි.
ඊශ්‍රාලයේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 883 ලෙස සටහන් වේ.
මරණයට පත්ව තිබෙන්නේ එක් පුද්ගලයකු පමණි.