×

වුහාන් පළාත යථා තත්වයට

කොරෝනා වසංතයේ අපිකේන්ද්‍රය ලෙස සැලකෙන චීනයේ වුහාන් පළාත නැවතත් යථා තත්වයට පත් වෙමින් තිබේ.


මේ ඡායාරූපයේ දැක්වෙන්නේ වුහාන් සත්වෝද්‍යානයේ පෙන්ග්වින් සතුන් හට මුහුණු වැස්මක් පැළඳගෙන සුපුරුදු පරිදි ආහාර ලබාදීමේ යෙදී සිටින සේවකයෙකි.

මේ වන විට වුහාන් හි පුරා මාස 2 ක් මුළුල්ලේ පැවති ලොක්ඩවුන් තත්වය අවසන් වෙමින් තිබේ.

මේ සතිඅන්තයේදී සේවකයන් 1000 ක් රැගත් දුම්රියක් ද වුහාන් හි කටයුතු නිසි පරිදි සිදුකිරීම පිණිස මාස 2කට පසුව පැමිණියේය. බලධාරීන් පවසා තිබෙන්නේ උණ තත්වයක් නොමැති අයට සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන ලෙසයි. එසේ පැමිණෙන අයට ‘ග්‍රීන් හෙල්ත් කෝඩ්‘ එකක් පිරිනමනු ඇත්තේ ඔවුන් වෛරස් තත්වයෙන් මිදී ඇති බවට සලකුණක් වශයෙනි. තවද සේවාස්ථානවලින් ඔවුන් සඳහා සහතිකයක් බැගින් ද නිකුත් කිරීමට නියමිත ය. පොදු ප්‍රවාහන සේවාවන් ද සුපුරුදු පරිදි ක්‍රියාත්මක වීමට නියමිත ය.

ජනවාරි 23 වැනිදා පටන් පනවා තිබු ගමනාගමන සීමාවන් හේතුවෙන් වුහාන් පළාතේ කොටුව සිටි පිට පළාත්වාසීන්ට ද පළාතෙන් පිටත්ව යාම සඳහා අයදුම් කිරීමට දැන් පුළුවන.

Cover Photo: An employee wearing a face mask feeds penguins at the Wuhan Zoo which has been closed following the outbreak of the novel coronavirus disease . (China Daily-Reuters)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි