ඔහු කොවිඩ්-19 පොසිටිව් වූයේ මෙයට දින 10කට පෙර ය.
ලන්ඩනයේ අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ සිය වෛද්‍යවරයාගේ උපදෙස් අනුව වැඩි ප්‍ර වේශම් සහගත පියවරක් ලෙස මෙසේ අගමැතිවරයා රෝහල්ගත වූ බවයි.
තවදුරටත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස අගමැතිවරයා කටයුතු කරතත්, සඳුදා දිනයේ පැවැත්වීමට නියමිත කොරෝනා වෛරසය පිළිබඳ සාකච්ඡාව මෙහෙයවීමට නියමිත ව තිබෙන්නේ විදේශ ලේකම්වරයා ය.
රෝහල්ගත වී සිටින අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, තමන්ට තවත් පරීක්ෂාවන් ගණනාවකට ලක් වීමට සිදුව ඇතැයි ප්‍රකාශ කරයි.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ මාධ්‍ය හමුවේදී සිය මිතුරාට ඉක්මන් සුවය පතා සිටියේය. ‘‘සියලු ඇමරිකානුවන් ඔහු වෙනුවෙන් යාඥා කරනවා. ඔහු මගේ හොඳම මිතුරෙක්. හොඳ මහත්මයෙක් සහ ශ්‍රේෂ්ඨ නායකයෙක්..‘‘ බොරිස් ජොන්සන් ‘ශක්තිමත් අයෙක්‘ නිසා ඉක්මනින්ම සුවවනු ඇතැයි ද ට්‍රම්ප් මෙහිදී තවදුරටත් පැවසුවේය.
අභිවනයෙන් පත් වූ ලේබර් පක්ෂ නායක කෙයර් ස්ටාමර් ද බොරිස් ජොන්සන් අගමැතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.