×

කොරෝනා නිසා ඉන්දීය ශ්‍රම බලකායෙන් මිලියන 400 ක් අන්ත දිළින්දන් වේවි – එක්සත් ජාතීන්

.


කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග ඉන්දියාවේ අවිධිමත් ශ්‍රමිකයන් මිලියන 4ක් අන්ත දිළිදු භාවයට පත් වනු ඇතැයි එක්සත් ජාතීන් අනුමාන කරයි. ඊට අමතරව මිලියන 195ක් නොඑසෙනම් සියයට 6.5ක පූර්ණ රැකියා ඔවුන්ට අහිමි වනු ඇති බවටද අපේක්ෂා කෙරේ. COVID-19 සහ වැඩ කරන ලෝකය’ යන උද්ධෘතය මත නිකුත් කළ වාර්ථාවට අනුව ලෝකයේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ@ දරුණුතම ගෝලීය අර්බුදයට අද අප මුහුණ දී ඇත

සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ට හිමිකම් කියන රාජ්‍ය්‍යන් වල ශ්‍රම බලකායන් මෙන්ම කර්මාන්ත ඉතා වේගයෙන් කඩා වැටෙමින් පවතී. සියල්ලෝම තීරණාත්මකව, එකට යා යුතුය. නිවැරදි, හදිසි, පියවර මගින් පැවැත්ම සහ බිඳවැටීම අතර වෙනස ඇති කළ හැකිය, ”අයිඑල්ඕ අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් පවසයි.

ලොව පුරා බිලියන දෙකක ජනතාවක් අවිධිමත් අංශයේ (වැඩි වශයෙන් නැගී එන හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි) සේවය කරන අතර විශේෂයෙන් අවදානමට ලක්ව සිටිති. COVID-19 අර්බුදය දැනටමත් මිලියන ගණනක් අවිධිමත් කම්කරුවන්ට බලපා ඇති බව වාර්තාව පවසයි. විශේෂයෙන්ම “ඉන්දියාවේ, නයිජීරියාවේ සහ බ්‍රසීලයේ, අවිධිමත් ආර්ථිකයන් දැඩි තර්ජනයකට මුහුණ දෙනු ඇති බව ඒම වාර්ථාව පෙන්වා දෙයි.

ගෝලීය ශ්‍රම බලකායෙන් සියයට 81% කගේ රැකියා මේ වන විට බලපෑමට ලක් වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි