කොරෝනා වෛරස් වැක්සිනය නිපදවන දිනය පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ වැක්සිනය නිපදවූවත් නැතත්, ඇමරිකාව සුපුරුදු පරිදි වැඩ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව ඇමරිකානුවන් සාමාන්‍ය පරිදි සිය ජන ජීවිතය ආරම්භ කළ යුතු බව ට්‍රම්ප් කියයි.
කෙසේ නමුත් ඔහු මෙසේ පවසන්නේ දිනකට ඇමරිකානුවන් 1500 බැගින් මිය යමින් සිටින තත්වයක් තුළ ය.
මේ අතර කොරෝනා වෛරසයට වැක්සිනයක් නිපදවීමේ සටන තවදුරටත් සිදු කෙරෙමින් පවතියි. මේ වන විට එන්නත් (වැක්සින්) පරීක්ෂණ 14 ක් සිදු කෙරෙමින් පවතින බවත්, පර්යේෂණ කඩිනම් කර ඇති බවත්, ඒවායේ අනුමැතිය පිළිබඳ සලකා බලමින් සිටින බවත් ට්‍රම්ප් තවදුරටත් පැවසීය.
‘‘මේක තමයි න්‍යෂ්ටික බලය පිළිබඳ මැන්හැටන් ව්‍යාපෘතියෙන් පසුව ඇමරිකාව ආරම්භ කර තිබෙන විශාලතම ව්‍යාපෘතිය‘‘ යැයි ද ඔහු පැවසුවේය.
Operation Warp Speed යනුවෙන් ට්‍රම්ප් විසින් මෙයට නමක් ද තබා තිබේ.
මෙම සමස්ත ක්‍රියාන්විතය මේ වන විට ට්‍රම්ප් විසින් භාරදී තිබෙන්නේ Moncef Slaoui නමැති හිටපු හමුදා ජනරාල්වරයෙකු සහ සුව සේවා විශේෂඥයෙකු හට ය. වැක්සිනයක් සොයාගැනීම සහ ඒවා බෙදාහැරීමේ ක්‍රියාන්විතය සඳහා ආණ්ඩුවත් පුද්ගලික අංශයත් අතර සහයෝගිතාවය ක්‍රියාත්මක කිරිම ඔහුට පැවරී තිබේ.
ට්‍රම්ප්ගෙන් පසුව මාධ්‍ය ඇමතූ හමුදා ජනරාල් මොන්සෙෆ් ස්ලාවොයි ප්‍රකාශ කළේ ‘වැක්සිනයෙන් මිලියන සිය ගණනක් 2020 අග භාගය වන විට බෙදාහැරීමට හැකි වෙතැයි තමන් බලාපොරොත්තු වන බව‘ යි.
කෙසේ නමුත් මේ වන විට විවේචන එල්ල වෙමින් පවතින්නේ 2020 අගභාගය වන විට වැක්සිනයක් නිපදවීමේ ඉලක්කය ළඟා කර ගැනීමට අපහසු එකක් බවයි.
ඒ අනුව ඇමරිකානු ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට නම් කළ යුත්තේ කොවිඩ් පරීක්ෂණ ව්‍යාප්ත කිරීම වේ. මේ වන විට දිනකට ඇමරිකානුවන් 1500 දෙනෙකු මරණයට පත් වෙමින් යන තත්වයක් තුළ මෙය ඉතාම තීරණාත්මක වේ.