×

ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්ථාවීම අපට ගොෟරවයක් – ට්‍රම්ප්

ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයට අනුව පසුගිය අඟහරුවාදා වන විට කොවිඩ් පරීක්ෂණ  මිලියන 12.6 එරට තුළ සිදු කර  සිදු කර ඇත.


 

ඇමරිකා එක්සත් ජනපදයෙන් ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්ථා වීම තම රටට ලැබෙන ගොෟරවයක් ලෙස ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්කයක් ඉදිරිපත් කරමින් කියා තිබේ.

ඔහුට අනුව මෙසේ රෝගීන් ඉතා ඉහළ සංඛ්‍යාවක් වාර්ථාවීමෙන් අදහස් වන්නේ තම රටේ කොවිඩ් ආසාදිතයින් හදුනා ගැනීමේ පර්යේෂණ වල ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මකව ඉහළ අගයක් ගැනීම බව ඔහු සදහන් කර සිටියි.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදයේ කිරීටක වෛරස් රෝගීන් මිලියන 1.5ක් වාර්ථා වන අතර මරණ සංඛ්‍යාව 92000කට ආසන්න සංඛ්‍යාවක් වේ.  දෙවන ස්ථානයේ සිටින්නේ රුසියාවයි. රුසියාවෙන් වාර්ථා වන ආසාදිතයින් සංඛ්‍යාව 300000 ට ආසන්නය.

කොරෝනා වසංගතය පුපුරා යෑමත් සමග ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කැබිනට් රැස්වීම පසුගිය සඳුදා පැවැත්විණ.

මාධ්‍ය වේදීන් අමතමින් සිය රටේ තත්ත්වය පැහැදිලි කළ ජනපති පවසා ඇත්තේ ලෝකයේ අන් කවරෙකුටත් වඩා සාර්ථකව තමන් පරීක්ෂා වලට මුල්තැන දී ඇති නිසා මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවීම නරක දෙයක් ලෙස කිසිසේත් නොසැලකිය යුතු බවයි.

එම නිසා මෙම තත්ත්වය ගෞරවයේ සංඛේතයක් ලෙස සළකන බවද ඔහු කියා සිටියි. ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථාන වලට අනුව පසුගිය අඟහරුවාදා වන විට කොවිඩ් පරීක්ෂණ  මිලියන 12.6 එරට තුළ සිදු කර  සිදු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි