×

ප්‍රොෆෙසර් ඩූම් කොරෝනාවෙන් පසු ආර්ථික අවපාතයක් පිළිබදව අනතුරු අඟවයි

කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකය දිගුකාලීන පසුබෑමකට ලක්වනු ඇති බවත් එම තත්වය අවම කරගැනීම මන්දගාමීව සිදුවනු ඇති බවත් පිළිබඳව ආර්ථික විද්‍යාඥ නූරියෙල් රුබිනි අනතුරු අඟවා තිබේ.


කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකය දිගුකාලීන පසුබෑමකට ලක්වනු ඇති බවත් එම තත්වය අවම කරගැනීම මන්දගාමීව සිදුවනු ඇති බවත් පිළිබඳව ආර්ථික විද්‍යාඥ නූරියෙල් රුබිනි අනතුරු අඟවා තිබේ.

ඔහුගේ අඳුරු අනාවැකි හේතුවෙන් ප්‍රොෆෙසර් ඩූම් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මහාචාර්ය රූබිනි පැවසුවේ මෙම අර්බුදයෙන් පසු නැවත ගොඩ නොඑන රැකියා කිහිපයක් ඇති බවයි.

ඉදිරියේදී පැමිණීමට නියමිත “පෙර නොවූ විරූ” අවපාතය ගැන ඔහු අනතුරු ඇඟවා ඇත. මහාචාර්ය රුබිනි 2008 මූල්‍ය අර්බුදයහි පැමිණීම තවත් බොහෝ දෙනෙකුට පෙර දුටුවේය.

“ගෝලීය මූල්‍ය අර්බුදය ඇතිවීමට බලපෑ කරුණු තියුණු ලෙස පහත වැටීමට වසර තුනක් පමණ ගත විය,” ඔහු නිව්යෝක්හි පිහිටි සිය නිවසේ සිට බීබීසීයේ ටෝකින් ඒෂියා වැඩසටහනට පැවසීය. “නමුත් මෙවර ඒ සඳහා මාස තුනක්වත් ගත නොවීය. සති තුනකින් සෑම සංරචකයක්ම පහත වැටුණි.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි