මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා බ්‍රසීලය දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින අතර ජනාධිපති බෝල්සනාරෝට දැඩි මහජන විරෝධයක් එල්ල වෙමින් තිබේ.
එහෙත් රට අභ්‍යන්තරයේ වෛරසය පාලනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නට නොමැති වීම නිසාම දෛනිකව ආසාදිතයින් වාර්තා වීම මෙන්ම මිය යන ගණනද දහස් ගණන්වලින් වාර්තා වෙයි.
ගෙවුණු පැය 24ක කාලය තුළ බ්‍රසීලයෙන් කොවිඩ් 19 මරණ 1086ක් වාර්තා වී තිබෙන අතර සමස්ත මරණ 25697 ක් ලෙස වැඩි වී තිබෙන බව සඳහන්.
මේ අතර නව ආසාදිතයින් 20,599ක් හඳුනාගෙන තිබෙන අතර සමස්ත ආසාදිතයින් 411,821ක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වා ඇත්තේ.
Covid 19 වෛරසය සඳහා නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් තවමත් හඳුනාගෙන නොමැති නමුත් ඒ සඳහා විවිධ පර්යේෂණ ක්‍රියාත්මක වන මොහොතක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරමින් බ්‍රසීල ජානාධිපති ජෙයර් බෝල්සනරෝ සිය සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී තිබෙන්නේ තවදුරටත් Covid 19 ආසාදිතයින් වෙත මැලේරියා එන්නත වන හයිඩ්රොක්ලෝරක්වින් ලබා දෙන ලෙසයි.
LNW