පසුගිය සතියේදී කොවිඩ් 19 වෛරසයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත්කළ නවසීලන්තයෙන් නැවතත් ආසාදිතයන් දෙදෙනෙකු හමු වී තිබෙනවා. එරටින් නව ආසාදිතයන් වාර්තා වී ඇත්තේ දින 24 කට පසුවයි.
මහා බ්‍රිතාන්‍යයේ සංචාරයකින් පසුව නැවත සිය රට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව නැවතත් එරට තුළ කොවිඩ් වෛරසයේ අවදානම මතුව තිබේ.
නවසීලන්තය පසුගිය සතියේදී කොවිඩ් වෛරසයෙන් තොර රටක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර ඉන්පසු පනවා තිබූ සීමා ලිහිල් කළ අතර නිරෝධායන නීති ඉවත් කෙරිණි. කෙසේ වෙතත් විදෙස් රටවල සිට එරටට ඇතුළුවීමේ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන අතර එරටට ඇතුළු විය හැක්කේ ඉතා සීමිත ප්‍රමාණයකට පමණි.
මේ වනතෙක් නවසීලන්තයෙන් ආසාදිතයන් 1506 ක් වාර්තා වී ඇති අතර මරණ 22 ක් සිදුව තිබෙනවා.