ටෙනිස් ශූර නොවාක් ජොකොවික්ටත් කොරෝනා වැළඳෙයි
මීට ඉහත දී ජොකොවික් මහතා ප්රකාශ කර තිබුණේ තමා එන්නත් විරෝධියකු (anti-vaxxer) බවය.
ලෝකප්රකට ටෙනිස් ක්රීඩක නොවාක් ජොකොවික් හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තා වේ.
සිය කොරෝනා තත්ත්වය තහවුරු කරමින් ජොකොවික් මහතා ප්රකාශයක් සිදුකොට තිබේ.
මීට ඉහත දී ජොකොවික් මහතා ප්රකාශ කර තිබුණේ තමා එන්නත් විරෝධියකු (anti-vaxxer) බවය.
එහෙයින් කොරෝනා වසංගත තත්ත්වය තුළ ටෙනිස් ක්රීඩාව යළි යථාතත්ත්වයට පත්වූ විට ක්රීඩා කිරීම පිළිබඳ අවිනිශ්චිත බව හෙතෙම ප්රකාශ කර තිබිණි.
එන්තන් විරෝධියකු යනුවෙන් හඳුන්වන්නේ යම් රෝගී තත්ත්වයක් තුළ ඊට අදාළ ප්රතිජීවක ලබා ගැනීම ප්රතික්ෂේප කරන පුද්ගලයින් ය.
එවන් පුද්ගලයින් සිය දරුවන්ට උපතේදී ලබා දෙන එන්තන් ලබා නොදීමට කටයුතු කළ අවස්ථා තිබේ.