×

හොංකොං නගරයට සම්බාධක පැනවීම නිසා චීනය ඇමරිකාවට යුධ ප්‍රකාශ කරයි

චීනය හොංකොං නගරයට අදාළ නව ආරක්ෂක නීති සම්පාදනය කරන විට, උසස් තාක්ෂණික නිශ්පාදන ලබා ගැනීම අවහිර කරමින් ඇමරිකාව විසින් එම නගරයට සම්බාධක පනවන ලදී.


ඇමරිකානු නීතිය යටතේ චීන පාලිත හොංකොං නගරයට පැනවූ ආරක්ෂක සම්බාධක සම්බන්ධයෙන් චීනය උරණ වී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ මීට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

හොංකොං හි විශේෂ තත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් චීනය මෙම ප්‍රකාශය සිදුකරන ලදී.

කෙසේවෙතත්, මෙම දැඩි ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පැහැදිලි කිරීමක් අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදු කර නැත.

චීනය හොංකොං නගරයට අදාළ නව ආරක්ෂක නීති සම්පාදනය කරන විට, උසස් තාක්ෂණික නිශ්පාදන ලබා ගැනීම අවහිර කරමින් ඇමරිකාව විසින් එම නගරයට සම්බාධක පනවන ලදී.

ඒ අනුව, ඇමරිකාවේ නිශ්පාදිත උසස් තාක්ෂණ ආරක්ෂක අවිආයුධ ලබා ගැනීමට හොංකොං නගරයට නොහැකි වනු ඇත.

ඇමරිකානු නීතිය යටතේ මෙම ආයුධ අපනයනය අවහිර කිරීම තුළ චීනයට සිය ආරක්ෂක නීති නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම මෙම උරණ වීමට හේතුවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි