×

ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදා භට විනාශ කිරීමට රුසියාව තලෙයිබානයට මුදල් ගෙවලා?

මේ පිළිබඳ එක්සත් ජනපදයේ ධවල මන්දිර ආරක්ෂක උපදේශක රොබර්ට් ඕ' බ්‍රයන් අද (01) දින නිකුත් කළ නිවේදනයකින් තහවුරු කර තිබේ.


ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදා භට විනාශ කිරීම සඳහා රුසියාව සහාය ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මේ පිළිබඳ එක්සත් ජනපදයේ ධවල මන්දිර ආරක්ෂක උපදේශක රොබර්ට් ඕ’ බ්‍රයන් අද (01) දින නිකුත් කළ නිවේදනයකින් තහවුරු කර තිබේ.

ඒ අනුව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව මේ පිළිබඳ සම්පූර්ණයෙන් දැනුවත් කිරීමට කටයුතු කළ බව හෙතෙම සඳහන් කළේය.

ඔහුට අනුව ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු භටයින් විනාශ කිරීම සඳහා රුසියාව තලෙයිබාන සංවිධානයට මුදල් ගෙවා තිබේ.

කෙසේවෙතත්, මේ පිළිබඳ ඇමරිකානු ජනපතිවරයා දැනුවත් කරන ලද්දේ ලිඛිත වාර්තාවක් හරහා නොවන බව හෙතෙම හඟවන ලදී.

ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳ මීට ඉහත ලබා දුන් වාර්තා වල මේ පිළිබඳ තොරතුරු අඩංගු වේ දැයි මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්ණයට පිළිතුරු දීමෙන් ඕ’ බ්‍රයන් මහතා වැළකී සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි