කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කොට සංචාරය සඳහා රටවල් 14 ක් යුරෝපා සංගමය විසින් නම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආරක්ෂිත යැයි සැළකෙන රටවල් 14 ක් සඳහා ජූලි මස 1 වැනිදා සිට සංචාරය කළ හැකි බවට යුරෝපා සංගමය නම්කොට ඇති බව ය. කෙසේ වෙතත් එම රටවල් අතරට අමෙරිකාව, බ්‍රසීලය සහ චීනය අයත් නොවන බව වාර්තා වේ.
සංචාරය කිරීම සඳහා සුදුසු ලෙස යුරෝපා සංගමය නම් කර ඇත්තේ, ජෝර්ජියාව,මොන්ටිනිග්‍රෝ, නවසීලන්තය, රුවන්ඩාව, සර්බියාව, තායිලන්තය, ටියුනීසියාවඔස්ට්රියාව, කැනඩාව, ජපානය, මොරොක්කෝ, දකුණු කොරියාව, ඇල්ජීරියාව සහ උරුගුවේ යන රටවල් ය.
රාජ්‍ය තාන්ත්‍රිකයින් ප්‍රකාශ කොට ඇත්තේ, චීන රජයේ යුරෝපිය සංචාරකයින් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දෙන්නේ නම් චීනයට එම රටවල් ලැයිස්තුවට එක් කිරීමට සුදානම් බවයි. යුරෝපීය කලාපයේ සංචාරක සීමාවන් මේ වනවිට ඉවත් කොට ඇති බව යුරෝපා සංගමය පවසයි.
බෙක්සිට් සාකච්ජාවේදී බ්‍රිතාන්‍ය සංචාරකයින් සඳහා වන නීති වෙනම ආවරණය කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
දෙසැම්බර් 31 වැනිදා බ්‍රේක්සිට් ක්‍රියාවලිය අවසන් වන තෙක් බ්‍රිතාන්‍ය ජාතීන් යුරෝපීයන් ලෙස සැලකෙන අතර ඒ හේතුවෙන් බ්‍රිතාන්‍යය ජාතීන්ගේ ද සංචාරක සීමාවන් ඉවත් කොට තිබේ.