ජනාධිපතිවරයාගේ සමීපතම උපදේශකවරියක් මෙන්ම ජනාධිපතිවරණ ප්රචාරණ සමයේදී එහි ප්රචාරණ උපදේශිකාවක් ලෙස වැඩ කළ හෝප් හිකිස්, පසුගිය අඟහරුවාදා ඔහායෝ හි පැවැත්වුණු ෆොක්ස් නිව්ස් රූපවාහිනී විවාදය සඳහා ද ඩොනල්ඩ් ට්රම්ප් සමග මිනසොටා ජනපදය බලා එකම හෙලිකොප්ටරයෙන් ගමන් කළාය.
බදාදා දිනයේ ද ජනාධිපතිවරයා ඇය සමග මැරීන් වන් හෙලිකොප්ටරයකින් ගමන් කළ බව ද සීඑන්එන් පුවත්සේවය පවසයි.
31 හැවිරිදි හෝප් හික්ස්, අඟහරුවාදා දිනයේදී ද දැකගත හැකි වූයේ ට්රම්ප් මෙන්ම මාස්ක් එකක් පවා පැළඳීමකින් තොරව ය.
දැන් ධවල මන්දිරය ඇය සමග සමීපයෙන් සිටි සියලුම දෙනා කොරෝනා වෛරස් පරීක්ෂාවට ලක් කරමින් සිටියි.
ට්රම්ප් ජනාධිපතිවරයා බවට පත් වීමෙන් පසුව ඇය, ධවල මන්දිරයේ සන්නිවේදන අධ්යක්ෂිකාව බවට පත් කරනු ලැබිණි. 2018 වසරේදී රූපට් මර්ඩොක්ස්ගේ ෆොක්ස් නාලිකාවේ සන්නිවේදන ප්රධානියා ලෙස ධවල මන්දිරයෙන් ඉවත් වූ නමුත්, නැවතත් 2019 පෙබරවාරි මාසයේදී ධවල මන්දිරයට පැමිණියාය.
කෙසේ නමුත් මේ අනුව ඩොනල්ඩ් ට්රම්ප් වද අනිවාර්යයෙන්ම නැවත වරක් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමට සිදුවනවා ඇත.