මේ අනුව මේ වන විට එක්සත් රාජධානිය තුළ කොවිඩ් ආසාදිතයන් ගේ සංඛ්‍යාව 515,571 ක් වන අතර, මරණ ගණන 42,39 ක් ලෙස ඉහළ ගොස් තිබේ.
එක්සත් රාජධානියේ කොවිඩ් තත්වය සිතුවාට වඩා බෙහෙවින් බරපතළ බව පැහැදිලි වූයේ, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොවිඩ් සිදුවීම් 16,000 කට ආසන්න සංඛ්‍යාවක් නිල වාර්තාවලට ඇතුළත් වී නොමැති බව සනාථ වීමත් සමග ය.
මේ සම්බන්ධයෙන් බොරිස් ජොන්සන්ගේ ආණ්ඩුවට ලේබර් පක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ද ලක්වීමට සිදුව තිබේ.
කෙසේ නමුත් මෙම තත්වය මේ වන විට නිවැරදි කර ඇත.
සැප්තැම්බර් 25 සහ ඔක්තෝබර් 2 වැනිදා අතර කාලය තුළ පළ කළ කොවිඩ් තත්ව වාර්තාවන් මේ අනුව නිවැරදි කිරීමට සිදු විය.
පහත දැක්වෙන්නේ ඒ අනුව පැවති දත්ත වෙනස් වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති ආකාරයයි. මෙහි තද නිල් පැහැයෙන් දක්වා තිබෙන්නේ පෙර දත්තවලට අලුතෙන් එකතු කරන ලද මගහැරුණු රෝගී දත්තයි.