×

බෙල්ජියම් රජු, මාළිගයෙන් පිටමං කළ සොයුරිය පිළිගනියි

දශක හතරක් බෙල්ජියම රජ පවුල විසින්, ඇය රාජකීය ලේ ඇත්තෙකු බව පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.


නමුත් පසුගියදා, බෙල්ජියම රජු, සිය අර්ධ සහෝදරියක වශයෙන් ඩෙල්ෆින් ද සැක්සෙකොබර්ග් ව පිළිගත්තාය. ඒ, දශක හතරකට වැඩි කාලයක් මුළුල්ලේ රජ පවුල විසින් ඇගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ය.

මේ දෙපළ පළමු වරට පසුගිය නව වන දා බෙල්ජියමේ රජ පවුලේ නිල නිවහන වන ‘ලැකේන්‘ මාලිගයේ මුණ ගැසුණු අතර එය “උණුසුම් හමුවක්” වූ බව වාර්තාවල සඳහන් ය.

දෙවැනි ඇල්බට් රජුගේ දියණිය

මේ හමුව ‘උණුසුම්‘ හමුවක් ලෙස අවසන් වීම සඳහා සැක්සෙකොබර්ග් හට අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබිණි.

හිටපු රජු වන දෙවැනි ඇල්බර්ට් රජු ගේ දියණිය වන සැක්සෙකොබර්ග් හට රජ කුමරියකගේ පිළිගැනීම ලබාදිය යුතු බව අවසානයේ අධිකරණය නියෝග කළේ පසුගිය මාසයේදී වසර 7 ක අධිකරණමය යුද්ධයකින් පසුව බව කිව හැකිය. බ්‍රසල්ස් හි අභියාචනාධිකරණ ඈට ඇගේ පියා ගේ අනෙකුත් දරුවන් තිදෙනාට ලැබිය යුතු සෑම වරප්‍රසාදයක් ම ලැබිය යුතු යැයි තීරණය කළේ ය.
මෑතක් වන තුරු ම ‘ඩෙල්ෆින් බොඑල්‘ ලෙස හැදින්වූ සැක්සෙකොබර්ග්, 2013 දී හිටපු රජතුමා තම පියා බවට හඳුනාගන්නට නීතිමය පියවර ගත්තා ය. එහිදී, හිටපු රජතුමාට තම මව සමග සම්බන්ධයක් පැවැති බව ද ඉන් ඇය 1968 වර්ෂයේ දී උපත ලද බව ද ඈ කීවා ය.

ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළ ඇල්බට් රජු, සිය දියණියගේ සුජාත භාවය හැමවිටම ප්‍රතික්ෂේප කළේය.

DNA පරීක්ෂණය ට අකමැත්තෙන් එකඟ වෙයි

හිටපු රජු මෙය වසර හතක් පුරා අභියෝගයට ලක් කළ අතර, අභියාචනාධිකරණය ඔහුට ලබා දෙන්නට නියම කළ DNA පරීක්ෂණය සිදු කරන්නට ද ඔහු මුලින් කැමැත්ත පළ කළේ නැත.

දෙවැනි ඇල්බර්ට් රජු අවසානයේ පීතෘත්වය හඟවන පරීක්ෂණය කිරීමට එකඟ වූයේ ඔහු එය කිරීමට අපොහොසත් වන දවසක් පාසා යුරෝ 5000ක දඩයක් ගෙවිය යුතු යැයි එරට අධිකරණය තීරණය කිරීමෙන් අනතුරු ව ය.

ජනවාරි මාසයේ තමා බොඑල් ගේ ජීවවිද්‍යාත්මක පියා බව ඔහු පිළිගත්තේ ය. ඒ අනුව ඇල්බට් රජු සිදුකළ ආසාධාරණය අවසානයේ ඔහුගේ පුත්‍රයා වන වත්මන් රජු පිලිපේ හට නිවැරදි කිරීමට සිදුවිය.

ඒ අනුව ‘බෙල්ජියමේ පිලිප්‘ හෙවත් පෙලිපේ ඔෆ් බෙල්ජියම් හට සිය සහෝදරිය සමග සුහද හමුවක් පැවැත්විණි.

බෙල්ජියමේ රාජකීය පවුලේ නිල නිවාසයේදී ඔවුන් හමු වූ අවස්ථාව

“මේ දීර්ඝ සහ පොහොසත් කතාබහ අපට අප ගැන ඉගෙන ගන්නට අවස්ථාවක් ලබා දුන්නා. අප අපේ ජීවිත පිළිබදවත් අප බෙදා ගන්නා අභිරුචීන් පිළිබදවත් කතා කළා,” පිලිපේ රජු සහ ඩෙල්ෆින් කුමරිය ප්‍රකාශයට පත් කරති. “මේ බැදීම පවුල තුළ වැඩි දුරට්ත් වර්ධනය වනු ඇති” යැයි අවසානයේ රජ පවුලෙන් පිටමං කළ සිය සහෝදරිය ගැන රජ පවුලට කිව හැකි වූයේ එයයි. ඇයව දැන් හැඳින්වෙන්නේ ‘ඩෙල්ෆින් කුමරිය‘ යනුවෙනි.

Princess Delphine



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි